• Gem 2-1
  • Gem 2-2
  • Gem 2-3

වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ හා මුද්‍රා තැබීමේ රසායනාගාරය

නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත අන්තර්ජාතිකව පිළිගත් වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයක් නො. 25, ගෝල්ෆේස් ටෙරසය, කොළඹ 03 හි පිහිටි ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙහි පිහිටා ඇත. මෙම රසායනාගාරයේ මූලික කර්තව්‍යයක් වනුයේ වටිනා ලෝහ වන රන්, රිදී, ප්ලැටිනම් ලෝහ/ ලෝහ මිශ්‍රණවලින් නිෂ්පාදිත ආභරණවල අඩංගු වටිනා ලෝහ ප්‍රමාණය නිශ්චය කිරීම හා ප්‍රමිති මුද්‍රා තැබීම සහ අදාළ සහතික පත්‍ර නිකුත් කිරීමයි. මීට අමතරව අධිකරණ නියෝගමත ආභරණ සදහා තක්සේරු වාර්තා නිකුත් කිරීම ද සිදු කරනු ලබයි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙහි වටිනා වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශය, අන්තර්ජාතික වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ පූර්ණ සාමාජිකත්වය ලබා ඇති අතර ආභරණ මුද්‍රා තැබීම පිළිබද වියානා සම්මුතියෙහි නිරීක්ෂණ සාමාජිකයෙක් ලෙස ක්‍රියා කරයි.

වටිනා ලෝහ ප්‍රමාණය විශ්ලේෂණය කිරීම යනු කුමක්ද?

අනුමත රසායනික විශ්ලේෂණාත්මක ක්‍රමවේදයක් භාවිතා කරමින් සිදු කරනු ලබන ප්‍රමාණාත්මක විශ්ලේෂණයකි. මෙහිදී ලෝහ මිශ්‍රණයක් තුළ අඩංගු වටිනා ලෝහ ප්‍රමිතිය වෙන් කර ගණනය කිරීම් මගින් ප්‍රමිතිය නිර්ණය කරනු ලැබේ.


ආභරණයක් මුද්‍රා තැබීම සහ සහතික කරන ලද ප්‍රමිති මුද්‍රා තැබීම අතර වෙනස කුමක් ද?

“ප්‍රමිතිය සහතික කරන ලද මුද්‍රාව”  යනු ස්වාධින රසායනාගාරයන් මගින් සිදු කරන අනුමත පරීක්ෂණවලින් ලැබෙන ප්‍රතිඵල, අදාළ ප්‍රමිතියට/ප්‍රමිතීන්ට සහ අනුකුල වන්නේ නම් පමණක් ආභරණය මත තබන සළකුණු කිහිපයකින් සමන්විත මුද්‍රා වේ. “සාමාන්‍ය” හෝ “මුද්‍රා තැබීම” මගින් ආභරණය මත මුද්‍රාවන් තබන අතර, ඉහත සදහන් ලෙස ලෝහ ප්‍රමිතිය සහතිකකිරීමක් සිදු නොවන බැවින් ඕනෑම කෙනෙකුට මෙම මුද්‍රාව තැබීමේ හැකියාව ඇත.


ආභරණ මුද්‍රා තැබීම පිළිබද වියානා සම්මුතිය

මෙම සම්මුතිය 1972 නොවැම්බර් මස වියානාහිදි අත්සන් කර ඇති අතර 1975 වසරේදි බලාත්මක විය. මෙම සම්මුතියේ සාමාජිකත්වය එක්සත් ජාතින්ගේ සංවිධානයේ ඕනෑම රටකට ලබා ගත හැකි අතර, එම රටෙහි ආභරණ පරීක්ෂා කිරීම් සහ ප්‍රමිති මුද්‍රා තැබීමේ ස්වාධින රසායනාගාර පහසුකම් තිබිය යුතුවේ.


විවිධ රාජ්‍යයන් අතර ඇති කරගන්නා මෙම සම්මුතිය (රන්,රිදී. ප්ලැටිනම්), වලින් නිෂ්පාදිත ආභරණ ආනයනය /අපනයනය සම්බන්ධයෙන් අන්තර් ජාතික වෙළදාම පහසු කිරීම, පාරිභෝගික ආරක්ෂාව සැළසීම සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ විශ්වාශනීයත්වය ඇති කිරීම අරමුණු කරගත්තා වූ ජාත්‍යන්තර ගිවිසුමක් වේ. මෙම සම්මුතියේ සාමාජික රටවල්  මගින්  අන්තර්ජාතික පොදු සළකුණු /මුද්‍රා (Common Control Mark) ආභරණයේ මුද්‍රා තැබීම මගින් එහි අඩංගු වටිනා ලෝහයේ ප්‍රමිතිය සහතික කරනු ලබන අතර මගින් සාමාජික රටවල් අතර පොදු පිළිගැනීමක් සිදුවේ. දැනට ශ්‍රි ලංකාව මෙම සම්මුතියේ නිරීක්ෂක සාමාජිකත්වය ලබා ඇත.