• Gem 2-1
  • Gem 2-2
  • Gem 2-3

ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාරණ හුවමාරු මධ්‍යස්ථානය -කොළඹ

ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාරණ හුවමාරු මධ්‍යස්ථානය කොළඹ 1991 වසරේදී අපනයනකරුවන් හා විදේශීය ගැණුම්කරුවන් මුණගැසිය හැකි මධ්‍යස්ථානයක් ලෙස ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් ස්ථාපිත කරන ලදී.මෙම මධ්‍යස්ථානය 2003 වසරේ ජනවාරි මාසයේදී කොළඹ 01හි පිහිටි ලෝක වෙළද මධ්‍යස්ථානයේ,4 වන සහ 5 වන මහලෙහි නැවත ස්ථාපනය කරන ලදී.

  • මැණික් පරීක්ෂා කිරීමේ සහ සහතික නිකුත් කිරීමේ රසායනාගාරය

  • මධ්‍යස්ථානයේ සාමාජිකයන් විසින් පවත්වාගෙන යනු ලබන වෙළදකුටි 38ක්

  • රත්නදීප ප්‍රදර්ශනාගාරය සහ වෙළදකුටි


 ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාරණ හුවමාරු මධ්‍යස්ථානය -රත්නපුර

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් පැරණි ලන්දේසි කොටුව 1996 වසරේ ‘’මැණික් මධ්‍යස්ථානය’’ ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද අතර ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නැවත 2003 වසරේ දී ස්ථාපනය කරන ලදී.මෙම මධ්‍යස්ථානය අපනයනකරුවන් හා විදේශීය ගැණුම්කරුවන් මුණගැසිය හැකි මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබන අතර පහත සදහන් පහසුකම් සපයනු ලබයි.

  • සාමාජිකයන් විසින් පවත්වාගෙන යනු ලබන වෙළදකුටි

  • සාමාජිකයන් විසින් පවත්වාගෙන යනු ලබන මැණික් කෞතුකාගාර

  • මැණික් පරීක්ෂා කිරීමේ සහ සහතික නිකුත් කිරීමේ රසායනාගාරය

  • සියලුම සේවාවන් සහිත අපනයන මධ්‍යස්ථානය

  • අධිකාරියේ සම්බන්ධීකරන කාර්යාලය

  • සම්මන්ත්‍රණ ශාලා පහසුකම්

 

Sri Lanka Gem & Jewellery Exchange - Colombo

World Trade Center
Level 4 & 5, East Low Block,
Echelon Square, Colombo 01

Sri Lanka Gem & Jewellery Exchange – Ratnapura

“Gem Centre”, Ratnapura

ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ හුවමාරු මධ්‍යස්ථානය