Home තත්කාර්ය පදනම මත නීති නිලධාරින් බඳවා ගැනීම
Home තත්කාර්ය පදනම මත නීති නිලධාරින් බඳවා ගැනීම

තත්කාර්ය පදනම මත නීති නිලධාරින් බඳවා ගැනීම

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සේවා අවශ්‍යතාවය මත ශ්‍රී ලාංකික පුරවැසියන් අතුරින් සුදුසුකම්ලත් හා අත්දැකීම් සහිත අපේක්ෂකයින් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ.

  1. සුදුසුකම්

 

  1. නීති උපාධිය ලබා තිබීම.
  2. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම.
  • විශිෂ්ඨ චරිතයකින් හෙබි අයෙකු වීම.
  1. තනතුරේ රාජකාරී ඉටු කිරීමටත් ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත වීම.
  2. වයස අවුරුදු 18 නොඅඩු අවුරුදු 30 ට නොවැඩි වීම.

 

  1. වැටුප සහ ප්‍රතිලාභ –
  • මාස 03 ක  කාලයක්  සඳහා  තත්කාර්ය පදනම මත බඳවා ගැනීම් සිදු කරන අතර රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 01/2020 අනුව මාසිකව රු. 50,000/- ක් බැගින් ගෙවීම් කරනු ලබයි.
  • රාජකාරී ස්ථානයෙන් පිට බාහිර රාජකාරී සඳහා පිටත්ව යාමේදි ගමන් වියදම් දීමනා ගෙවනු ලබන අතර වෙනත් කිසිදු දීමනාවක් සදහා හිමිකම් කියනු නොලැබේ.

 

ඉහත තනතුර සම්බන්ධව උනන්දුවක් දක්වන අයදුම්කරුවන් තම අයදුම්පත් ඔබ ගැන විස්තර ලබාගත හැකි ඥාතී නොවන දෙදෙනෙකුගේ නම්‚ තනතුරු හා දුරකථන අංක අයදුම්පත්‍රයට ඇතුලත් කොට තම වෘත්තීය සහ අධ්‍යාපන සහතික සහ සේවා සහතිකවල, සහතික කරන ලද පිටපත්ද සමඟ සිය අයදුම්පත 2026.05.01 දින හෝ එදිනට පෙර අයදුම්කරනු ලබන තනතුරේ නම ලියුම් කවරයේ ඉහල වම් කෙලවරෙහි සඳහන් කර සභාපති සහ ප්රධාන විධායක නිලධාරි වෙත පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ලැබෙන සේ එවිය යුතුය. රාජ්‍ය අංශයේ සේවය කරන අපේක්ෂකයින් සිය අයදුම්පත් සිය දෙපාර්තමේන්තු ප්‍රධානින් මඟින් එවිය යුතුයි. ප්‍රමාදවී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරේ. සුදුසුකම් ලබන අයදුම්කරුවන් පමණක් සම්මුඛ පරික්ෂණය සඳහා කැඳවනු ලැබේ.

 

 

භාපති සහ ප්රධාන විධායක නිලධාරි

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය

අංක 260, RTFC & WMC ගොඩනැගිල්ල,ලේක් ඩ්‍රයිව්, කොළඔ 05

දුරකථන : 011-2329295/2325364/2390645-8 ෆැක්ස් : 011-2320758

                                                     වෙබ් අඩවිය : www.ngja.gov.lk