මුල් පිටුව ජංගම සේවය – මහනුවර
මුල් පිටුව ජංගම සේවය – මහනුවර

ජංගම සේවය – මහනුවර

මැණික් වෙළඳ බලපත්‍ර සහ ස්වර්ණාභරණ වෙළඳසැල් ලියාපදිංචි සහතිකපත් නිකුත් කිරීම

2025 පෙබරවාරි  06

පෙ.ව.9.30 සිට ප.ව 12.30 දක්වා

ඩී.එස්. සේනානායක වීදියේ අංක 115 දරණ ස්ථානයේ පිහිටි පුෂ්පදාන සමිති ශ්‍රවණාගාරයේදි පැවැත්වේ.

අවශ්‍ය ලේඛන:-

  • අංග සම්පූර්ණ කරන ලද අයඳුම්පත.
  • ජාතික හැඳුනුම්පතෙහි පිටපත.
  • පදිංචිය තහවුරු කිරීම සඳහා මාස 06ක් ඇතුළත ලබා ගන්නා ලද ග්‍රාම නිලධාරී වාර්තාවක මුල් පිටපත (පුද්ගලික නමට ලබාගන්නා බලපත්‍ර සඳහා පමණක් අදාල වේ.)
  • බලපත්‍රයේ තොග සීමාව මිලියන 02 ක ඉක්මවන්නේ නම්, ආසන්න මාස 03ක බැංකු වාර්තා.
  • තොග සීමාව ලක්ෂ 100 ඉක්මවන්නේ නම් පොලිස් වාර්තා අවශ්‍ය වේ.
  • පුද්ගලික සමාගමක් නම්, සමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකය හා අධ්‍යක්ෂකවරුන්ගේ නාම ලේඛනය ඇතුලත් ලේඛනයද ඊට අදාල ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත්වල පිටපත්ද හවුල් ව්‍යාපාරයක් හෝ තනි පුද්ගල ව්‍යාපාරයක් නම් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක් (මැණික් සහ ස්වර්ණාභරණ වෙළඳ කටයුතු අන්තර්ගත විය යුතුය.) අයදුම්පත්‍රයේ ආයතනයේ රබර් මුද්‍රාව තබා අත්සන් කල යුතුය‍.
  • වර්ණ කාඩ්පත අවශ්‍ය වන්නේ නම් පාස්පොට් ප්‍රමාණයේ වර්ණ ඡායරූපයක් (එක් අයෙකු සඳහා එක් ඡායාරූපයක් පමණක්)
  • පෙර වර්ෂයේ ලබා ගත් මැණික් වෙළඳ බලපත්‍රය, ස්වර්ණාභරණ ලියාපදිංචි සහතිකපත.

විමසීම් :-

  • නියෝජ්‍ය අධ්‍යක්ෂ(ක්‍රියාත්මක හා ප්‍රාදේශීය සංවර්ධන), කොළඹ 071-5362502
  • නියෝජ්‍ය අධ්‍යක්ෂ(ක්‍රියාත්මක හා ප්‍රාදේශීය සංවර්ධන) ,නාඋල 066-2246094/071-5362512