ලංකාවේ ශ්‍රේෂ්ඨ ඉතිහාස වංශ කථාව වශයෙන් අවිවාදයෙන් සැලකෙන “මහා වංශය“, මෙම දිවයිනෙහි හමුවන මැණික් සම්පත පිළිබද එහි සුවිශේෂී බව පිළිබඳවත් සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවේ හමුවු අනගි මැණික් ඔබ්බවන ලද රාජකීය ඔටුනු සහ කඩු බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව ඇතුළු බොහෝ රටවල එම්ප්‍රදෝරුවන් සහ රජවරුන් වෙත පරිත්‍යාග කර ඇත.
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය කෞතුකාගාරය තුල ප්‍රර්ශනය කරනු ලබන මිලකල නොහැකි අයිතමයන් අතර ශ්‍රී ලංකාවේ මැණික් ගල්ද දක්නට ලැබේ. වටිනා සහ චිත්තාකර්ශණීය වර්ණාවලින් යුත් නිල් මාණක්‍ය, ආර නිල් මාණික්‍ය, පද්මරාග, ඇලෙක්සැන්ඩ්‍රියට්, වෛයිරෝඩි, රබහ, ගෝමේද, තෝරමල්ලි, සහ කිරිංචි ලංකාවෙන් හමුවන අතර එහි ඇති ගුණාත්මක භාවය සහ ප්‍රමාණාත්මක බව සහ අඛණ්ඩ සැපයුම ඉතිහාසයේ සදහන් සලමන් සහ ෂෙබා යුගයේ මේ දක්වා ප්‍රසිද්ධියක් උසුලන ආශිර්වාද ලත් දිවයිනක් ලෙස සැළකිය හැක. මිල කල නොහැකි ලෝක ප්‍රසිද්ධියක් උසුලන මැණික් අතර ශ්‍රී ලංකාවේ හමුවන පෙරදිග යෝධ නිල් (කැරට් 466), වෙනස්වන නීල මාණිඛ්‍යය ( කැරට් 423), ආසියාවේ නිල් විලාසිනී ( කැරට් 400), Rossar Reeves ස්ටාර් රතු කැට (කැරට් 138.7) සහ සහ ශ්‍රී ලංකාවේ තරුව (කැරට් 393), සහ රශ්මි නිධානය (කැරට් 105 වෛරෝඩි) මෙම රත්න දීපය තුළ ප්‍රභවය ලත් ඒවා වේ. " ශ්‍රී ලංකා තරුව" සහ "රශ්මි නිධානය" ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සාඩම්බර උරුමයකි.