ජගත් පරිසර දිනයට සමගාමීව මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී තුමන්ගේ සහ අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂ ඉඩම් කැනීම් පරිසර ගේ උපදෙස් සහ අනුමැතීන් අනුව බදුල්ල, ලුණුගල, උඩකිරුව ගමේ ස්වහාවික ජල මූලාශ්‍රයන්ට හානි කරමින් දීර්ඝ කාලයක් තිස්සේ කිරිඔය ඉවුරේ විශාල ගස් පෙරලා දමමින් සිදු කරන ලද අනවසර මැණික් ගැරීම් පාලනය කොට එම පතල් වලවල් වසා දමා වර්ග අඩි 10000 ක පමණ ගංගා ඉවුර යථාවත් කොට කුඹුක් සහ මී පැල 50ක් සිටුවීම ජගත් පරිසර දිනයට සමගාමීව සිදු කරන ලදි. මේ සදහා ලුණුගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය, මධ්‍යම පරිසර අධිකාරිය බදුල්ල, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව බදුල්ල, පොලීස් ස්ථානය ලුණුගල යන ආයතන මෙන්ම ගම්වාසීන් සහ පරිසර සංවිධානයන්ද සක්‍රීයව මැදිහත් වූ අතර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව රෝපිත පැල නොමිලයේ ලබා දීමට කටයුතු කරන ලදි.
නියෝජ්‍ය අධ්‍යක්ෂ, මොනරාගල
සිංහල බසින් යාවත්කාලින කර නැත