මුල් පිටුව Big Deal Shopping Festival සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ හා ප්‍රදර්ශන කුටි වෙන්කරවා ගැනීම
මුල් පිටුව Big Deal Shopping Festival සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ හා ප්‍රදර්ශන කුටි වෙන්කරවා ගැනීම

Big Deal Shopping Festival සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ හා ප්‍රදර්ශන කුටි වෙන්කරවා ගැනීම

ආරාධනයයි

ක්‍ෂුද්‍ර හා සුළු පරිමාණ මැණික් ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් සදහා

2023 දෙසැම්බර් මස 1, 2, 3 යන තෙදින තුළ BMICH හි පැවැත්වීමට නියමිත Big Deal Shopping Festival සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ හා ප්‍රදර්ශන කුටියක් පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා ක්ෂුද්‍ර හා සුළු පරිමාණ මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් හට අයදුම් කිරීමට ආරාධනා කරනු ලැබේ. සීමිත වෙළඳ කුටි අවස්ථා පවතින බැවින් මේ සඳහා උනන්දුවක් ඇති ව්‍යාපාරිකයින් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ අපනයන ප්‍රවර්ධන අං ප්‍රවර්ධන අංශයේ හෝ අධිකාරියේ වෙබ් අඩවියේ (www.ngja.gov.lk) නියමිත ආකෘති පත්‍රය භාවිතා කර අයදුම්පත් සකස් කළ යුතුය.

නිසි පරිදි සකස් කළ අයදුම්පත 2023 නොවැම්බර් මස 29 වන දිනට හෝ ඊට පෙර ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරීයේ පහත ලිපිනයෙහි පිහිටා ඇති ප්‍රධාන කාර්යාලයේ අපනයන ප්‍රවර්ධන අංශය වෙත හෝ විද්‍යුත් තැපෑල මගින් ලැබීමට සලස්වන්න.

ලියුම් කවරයේ වම් කෙළවරෙහි ඉහලින් “Big Deal Shopping Festival” ලෙස සදහන් කරන්න.

සැ.යු.- සහභාගීවීම සදහා ගාස්තු ලෙස රු.10,000.00ක මුදලක් අයකරනු ලැබේ.