මුල් පිටුව දීඝවාපිය මහා සෑ රජානන්ගේ ධාතු තැම්පත් කිරීමේ පුන්‍යෝත්සවය
මුල් පිටුව දීඝවාපිය මහා සෑ රජානන්ගේ ධාතු තැම්පත් කිරීමේ පුන්‍යෝත්සවය

දීඝවාපිය මහා සෑ රජානන්ගේ ධාතු තැම්පත් කිරීමේ පුන්‍යෝත්සවය

මෙම පුණ්‍ය කර්මය උදෙසා බැතිමතුන් විසින් පුජා කල සියළුම රන් රිදී , පිත්තල , මුතු , මැණික් සියල්ල මැණික් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පූර්ණ දායකත්වය යටතේ 2024/07/13,14 යන දෙදින තුල තත්ව පරීක්ෂාවන්ට ලක්කර වෙන වෙනම මංජුසාව වල තැම්පත් කරන ලදී.

මෙහිදී ඓතිහාසික දීඝවාපීය මහා සෑ රජාණන් වහන්සේගේ ධාතු ගර්භයෙහි නිධන් කිරීම උදෙසා කාම්බෝජය රජය මගින් නා උයන ආරාණ්‍ය සේනාසනයට පූජා කළ රත්තරන් කිලෝ දෙකකට ආසන්න බරකින් යුත් අප මහා ශාස්තෘන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වහසේද
වර්ෂ 2024 ක් වූ ජූලි මස 14 වන දින දීඝවාපී මහා සෑ රජාණන් වහන්සේගේ ධාතු ගර්භයෙහි නිධන්ගත කෙරිණි.

මෙම පිළිමය ජාතික මැණික් සහ ස්වර්ණාරණ අධිකාරිය හරහා නොමිලේ තත්ව පරීක්ෂාවකට ලක්කර සහතිකයක් නිකුත් කරන ලද අතර එහි ප්‍රමිතිය කැරට් 22 බව සහතික කරන ලදී. මෙහි දල වටිනාකම රු.45,250,000/= කි.