ලංසු අංකය – NGJA/18 /60/26/2025
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙහි දෙපාර්තමේන්තු ටෙන්ඩර් කමිටු සභාපති විසින් භාවිතා කරන ලද වාහනයක් විකිණීම සඳහා විවෘත මිල ගණන් කැඳවනු ලැබේ. (Peugeot 508, KS XXXX, නිෂ්පාදිත වර්ෂය 2011, රථය ලියාපදිංචි වර්ෂය-2012, සුදු පැහැතිය.)
පහත සඳහන් භාවිතා කරන ලද වාහනය 2025.03.07 දින සිට 2025.03.27 දින දක්වා කාර්යලීය දිනයන්හීදී පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා කොළඹ 03, ඇල්ෆ්‍රඩ් හවුස් උද්‍යානය, “මැක්සන් ටවර්”, අංක 12, හි පිහිටි, ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පරිශ්‍රයේදී පරික්ෂා කිරීමට හැකියාව ඇත.
විස්තරය | මුදල / දිනය |
ආපසු ගෙවනු නොලබන ලේඛණ ගාස්තුව | රු.3,500.00 + 2.5% SSCL+ 18% VAT ( මුළු මුදල – රු.4,233.25) |
ලංසු සුරක්ෂිතයෙහි වටිනාකම | රු. 50,000.00 |
ලංසු පත්‍රිකා භාර ගන්නා අවසන් දිනය / වේලාව | 2025.03.28 දින පෙ.ව.10.00 |
ලංසු පත්‍රිකා විවෘත කිරීම | 2025.03.28 දින පෙ.ව.10.05 |
ආපසු ගෙවෙනු නොලබන රු. 3,500.00 + 2.5% SSCL (රු.87.50) + 18% VAT (රු.645.75) (මුළු මුදල – රු.4,233.25), මුදලක් කොළඹ 03, ඇල්ෆ්‍රඩ් හවුස් උද්‍යානය, “මැක්සන් ටවර්”, අංක 12, හි පිහිටි, ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙහි මුදල් අයකැමි වෙත ගෙවීමෙන් පසුව සහකාර අධ්‍යක්ෂ (ප්‍රසම්පාදන) වෙත ලිඛිත අයදුම්පතක් ඉදිරිපත් කර ලංසු පත්‍රිකා සහ අදාල කොන්දේසි ඉංග්‍රීසි බසින් 2025.03.07 සිට 2025.03.27 දක්වා ඇති වැඩ කරන දිනයන් වලදි පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා කාලය තුල ලබා ගත හැක.
මුද්‍රා තබන ලද මිල ගණන්පත් 2025.03.28 වන දින පෙ.ව 10.00 ට හෝ ඊට ප්‍රථම, සභාපති – දෙපාර්තමේන්තු ටෙන්ඩර් කමිටුව, ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය, අංක 12, “මැක්සන් ටවර්” ඇල්ෆ්‍රඩ් හවුස් උද්‍යානය, කොළඹ 03, යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ 4 වන මහලෙහි සැපයුම් අංශයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලිය යුතුයි. අයදුම්පත් බහාලන ලිපි කවරයේ වම්පස ඉහල කෙලවර “භාවිතා කරන ලද වාහනයක් විකිණීම -2025” යනුවෙන් සදහන් කල යුතුයි.
සම්පූර්ණ කරන ලද ලංසු ලේඛන සමග ලංසු පත්‍රිකාවල සදහන් ඇප බැදුම්කරයෙහි වටිනාකම් සහිතව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙහි මුදල් අයකැමි වෙත ගෙවීමෙන් පසු රිසිට්පතේ මුල් පිටපත ඉදිරිපත් කල යුතුය.
ලංසුපත් විවෘත කිරීම ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙහි 7 වන මහල, ශ්‍රවනාගාරයේදී 2025.03.28 වන දින පෙ.ව 10.05 ට සිදු කරන අතර පෙ.ව. 10.00 ට පසුව ලැබෙන ලංසු පත්‍රිකා විවෘත කිරීමකින් තොරව අවලංගු කරනු ලැබේ. එම විවෘත කිරීම සඳහා ලංසුකරු හෝ ඔහුගේ නියෝජිතයෙකුට සහභාගි විය හැකිය.
අපහරණය කරන වාහනය ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරි පරිශ්‍රයේ සිට ප්‍රවාහනය කිරීමට වැය වන ගාස්තු අයදුම්කරුවන් විසින්ම දැරිය යුතු වේ.
ඉහතින් සඳහන් කර ඇති වාහනය අපහරණය කිරීමෙන් පසුව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් එම වාහනය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් දරනු නොලැබේ.
වැඩිදුර තොරතුරු පහත දුරකථන අංකයෙන් ලබා ගත හැකිය.
සහකාර අධ්‍යක්ෂ (ප්‍රසම්පාදන) – 0112 332197
සභාපති – දෙපාර්තමේන්තු ටෙන්ඩර් කමිටුව
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය
අංක 12, “මැක්සන් කුළුණ”, ඇල්ෆඩ් හවුස් උද්‍යානය, කොළඹ 03.
දුරකථන : 0112-329295, 2325364, 2390645-8 ෆැක්ස් : 0112320758, 011-2332197
වෙබ් අඩවිය : www.ngja.gov.lk