පැමිණිළි සම්බන්ධයෙන් අධිකාරිය මගින් ගෙන ඇති පියවරයන්
2018 වර්ෂයේ මැණික් වෙළදාමට හා ස්වර්ණාභරණ වෙළදාම සම්බන්ධයෙන් විදේශිකයන්ගෙන් ලද පැමිණිලි 5 ක් හා දේශීය වශයෙන් ලද පැමිණිලි පරීක්ෂණ පවත්වා ඇති අතර බලපත්‍ර කොන්දේසි කඩකිරීම සම්බන්ධයෙන් රු.450,133.33 ක සමථ ගාස්තුවක් අය කර ඇති අතර රු. 999,999.99 සමථ ගාස්තු නියමකර ඇත. දේශීය පැමිණිලි 04 ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී.
පරීක්ෂණයේදී හෙලිකරගත් කරුණු
- විදේශ ව්‍යවහාර මුදල් මගින් සිදුකරන ගනුදෙනු අධිකාරිය වෙත වාර්තා නොකිරිම.
- ව්‍යාජ මැණික් ගල් විකිණීම
- මැණික් සදහා වැරදි සහතික නිකුත් කිරීම
- ස්වර්ණාභරණ වෙළදාම හා නිෂ්පාදනය අධිකාරියේ ලියාපදිංචි නොකිරිම
- මැණික් වෙළද බලපත්‍රයක් නොමැතිව මැණික් වෙළදාමේ නිරත වීම.
- නිසි ප්‍රමිතියෙන් තොර ස්වර්ණාභරණ අලෙවි කිරීම