මුල් පිටුව තනතුරු සඳහා ශ්‍රීලාංකික පුරවැසියන් අතුරින් සුදුසුකම්ලත් හා අත්දැකීම් සහිත අපේක්ෂකයින් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ.
මුල් පිටුව තනතුරු සඳහා ශ්‍රීලාංකික පුරවැසියන් අතුරින් සුදුසුකම්ලත් හා අත්දැකීම් සහිත අපේක්ෂකයින් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ.

තනතුරු සඳහා ශ්‍රීලාංකික පුරවැසියන් අතුරින් සුදුසුකම්ලත් හා අත්දැකීම් සහිත අපේක්ෂකයින් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ.

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය

කර්මාන්ත  අමාත්‍යාංශය

තනතුරු පුරප්පාඩු

 

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පුරප්පාඩුව පවතින පහත සඳහන් තනතුරු සඳහා ශ්‍රීලාංකික පුරවැසියන් අතුරින් සුදුසුකම්ලත් හා අත්දැකීම් සහිත අපේක්ෂකයින් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ.

 

  1. කේෂ්ත්‍ර සහායක තනතුරු 01  (PL ) කොන්ත්‍රාත් පදනම යටතේ
  2. ව්‍යාපෘති සහායක තනතුරු 04 (PL ) කොන්ත්‍රාත් පදනම යටතේ
  3. ආරක්ෂක සහායක තනතුරු 01 (PL ) කොන්ත්‍රාත් පදනම යටතේ

 

ඉහත තනතුරු 01,02 හා 03 ට සුදුසුකම් හා පළපුරුද්ද:

 

අධ්‍යාපන සුදුසුකම්  –  අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා පෙනි සිටිම.

වැටුප් පරිමාණය – PL – රු.24,750/- + 17,800/- (ජිවන වියදම) + 5,000 (රජයේ දීමනාව) හිමිවේ.

 

වයස –  

වයස අවුරුදු 18 ට නොඅඩු හා 45 ට නොවැඩි විය යුතුය (අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට පෙර) .   අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා මෙම වයස් සීමාව බලපානු නොලැබේ.

 

අතිරේක ප්‍රතිලාභ;

  • සේවක අර්ථසාධක / භාරකාරත්ව අරමුදලේ ප්‍රතිලාභ
  • වාර්ෂික ලාභ මත ගෙවනු ලබන දිරි දීමනා
  • ප්‍රවාහන දීමනා
  • ත්‍යාග දීමනා

 

ඉහත තනතුර සම්බන්ධව උනන්දුවක් දක්වන අයදුම්කරුවන් තම අයදුම්පත් ඔබ ගැන විස්තර ලබාගත හැකි ඥාතී නොවන දෙදෙනෙකුගේ නම්‚ තනතුරු හා දුරකථන අංක අයදුම්පත්‍රයට ඇතුලත් කොට තම වෘත්තීය සහ අධ්‍යාපන සහතික සහ සේවා සහතිකවල, සහතික කරන ලද පිටපත්ද සමඟ සිය අයදුම්පත 2024/07/16 දින හෝ එදිනට පෙර අයදුම්කරනු ලබන තනතුරේ නම ලියුම් කවරයේ ඉහල වම් කෙලවරෙහි සඳහන් කර සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි වෙත පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ලැබෙන සේ එවිය යුතුය. රාජ්‍ය අංශයේ සේවය කරන අපේක්ෂකයින් සිය අයදුම්පත් සිය දෙපාර්තමේන්තු ප්‍රධානින් මඟින් එවිය යුතුයි. ප්‍රමාදවී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරේ. සුදුසුකම් ලබන අයදුම්කරුවන් පමණක් සම්මුඛ පරික්ෂණය සඳහා කැඳවනු ලැබේ.

 

 

භාපති සහ ප්‍රධාන විධායක නිලධාරි

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය

අංක 12. මැක්සන්ස් ටවර්, ඇල්ෆ්‍රඩ් හවුස් ගාර්ඩ්න්, කොළඹ 03

දුරකථන : 011-2329295/2325364/2390645-8 ෆැක්ස් : 011-2320758

වෙබ් අඩවිය : www.ngja.gov.lk