සහකාර අධ්‍යක්ෂ (නීති) – (MM 1-1) – තනතුරු 01
රැකියා විස්තරය :
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අදාළ සියලු කරුණු සම්බන්ධයෙන් නීති උපදෙස් සැපයීම සහ ගිවිසුම්, කොන්ත්‍රාත්, බැඳුම්කර ආදිය සකස් කිරීම. අධිකාරිය වෙනුවෙන් උසාවි, කම්කරු උසාවි , විනිශ්චය සභා සහ අනෙකුත් නීති ආයවීම. ඉඩම් හිමිකම් පරීක්ෂා කිරීම, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සහ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා සමඟ අවශ්‍ය දෑ පරීක්ෂා කිරීම. අධිකාරියෙහි නීතිමය කටයුතු සුමටව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු සහය ලබා දීම.
බාහිර අයඳුම්කරුවන් – සුදුසුකම් හා පළපුරුද්ද :
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් නීති උපාධිය ලබා තිබීම සහ නීතිඥවරයෙකු වීම සමඟ ප්‍රථම උපාධිය ලබා ගැනීමෙන් පසු අදාළ ක්ෂේත්‍රයේ වසරක (01) පළපුරුද්දක් ලබා තිබීම.
වැටුප් පරිමාණය –
MM 1-1-2016 Rs. [53,175 – 10 x 1,375 – 15 x 1,910 – 95,575/-] + රජයේ අනුමත දීමනා හිමි වේ.
වයස :
වයස අවුරුදු 22 ට නොඅඩු හා 45 ට නොවැඩි විය යුතුය (අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට පෙර) .
අමතර ප්‍රතිලාභ
ඉහත තනතුර සම්බන්ධව උනන්දුවක් දක්වන අපේක්ෂකයින් තම අයඳුම්පත් ඔබ ගැන විස්තර ලබා ගත හැකි ඥාතී නොවන දෙදෙනකුගේ නම්, තනතුරු හා දුරකතන අංක අයඳුම්පත්‍රයට ඇතුලත් කොට තම වෘත්තීය සහ අධ්‍යාපන සහතික සහ සේවා සහතික වල සහතික කරන ලද පිටපත්ද සමඟ 2025.01.17 දින හෝ එදිනට පෙර අයඳුම්කරනු ලබන තනතුරේ නම ලියුම් කවරයේ ඉහළ වම් කෙලවරේ සඳහන් කර සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෙත පහත ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් ලැබෙනසේ එවිය යුතුය. රාජ්‍ය අංශයේ සේවය කරන අපේක්ෂකයින් සිය අයඳුම්පත් තම දෙපාර්තමේන්තු ප්‍රධානීන් මඟින් එවිය යුතුය. ප්‍රමාද වී ලැබෙන අයඳුම්පත් ප්‍රතික්ෂේප කෙරේ. සුදුසුකම් ලබන අයඳුම්කරුවන් පමණක් සම්මුඛ පරික්ෂණය සඳහා කැඳවනු ලැබේ.
සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය,
අංක 12,මැක්සන් ටවර්, ඇල්ෆර්ඩ් හවුස් උද්‍යානය,කොළඔ 03.
දුරකතන අංක – 011-2325364,011-2329295, 011-2390645 -8 ෆැක්ස් – 011 2320758