මුල් පිටුව මැණික් ,ස්වර්ණාභරණ හා දියමන්ති අපනයනකරුවන් වෙත කරන විශේෂ නිවේදනයි
මුල් පිටුව මැණික් ,ස්වර්ණාභරණ හා දියමන්ති අපනයනකරුවන් වෙත කරන විශේෂ නිවේදනයි

මැණික් ,ස්වර්ණාභරණ හා දියමන්ති අපනයනකරුවන් වෙත කරන විශේෂ නිවේදනයි

2023.01.01 දින සිට මැණික්,ස්වර්ණාභරණ හා දියමන්ති අපනයනකරුවන් සියළුදෙනා ශ්‍රී ලංකා රේගුවේ Cusdec (Customer Declaration) ඉදිරිපත් කිරීම සිදුකළ යුතු අතර එවැනි මැණික්,ස්වර්ණාභරණ හා දියමන්ති අපනයන සදහා පමණක් අධිකාරිය විසින් පහසුකම් සැපයීම කළයුතු බව 2022.11.23 දින ශ්‍රී ලංකා මහ බැංකුව හා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තමේන්තුව සමඟ පැවති සාකච්ඡාවේදී අධිකාරිය වෙත උපදෙස් ලබාදෙන ලදී.

මේ අනුව,

1.ශ්‍රී ලංකා රේගුවේ ආසිකුඩා ක්‍රමවේදය යටතේ කටයුතු කල යුතු බැවින් මේ සඳහා කල්තබා සූදානම් වන ලෙස සියළුම අපනයනකරුවන් වෙත දන්වමි.

2.ශ්‍රී ලංකා ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් VAT හා TIN අංක ලබා ගැනීම හා ආසිකුඩා ක්‍රමවේදයට ලියාපදිංචියට අවශ්‍ය සහය හා උපදෙස් අධිකාරියේ අපනයන ප්‍රවර්ධන අංශය මගින් ලබාගත හැකිවේ. 2023.01.01 සිට අඛණ්ඩව අපනයන කටයුතු සිදු කිරීම සඳහා ආසිකුඩා ක්‍රමවේදයට ලියාපදිංචි වන ලෙස සියළුම අපනයනකරුවන්ට මින් දන්වමි.

3.වැඩි විස්තර සඳහා අධ්‍යක්ෂ (අපනයන සේවා හා අපනයන අලෙවි) – 0715362525 / සහකාර අධ්‍යක්ෂ (අපනයන සේවා හා අපනයන අලෙවි) -0711020811 හෝ අපනයන නිළධාරී -0701320277 මගින් ලබාගත හැකිවේ.

 

සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය
අංක 12. මැක්සන්ස් ටවර්, ඇල්ෆ්‍රඩ් හවුස් ගාර්ඩ්න්, කොළඹ 03
දුරකථන : 011-2329295/2325364/2390645-8 ෆැක්ස් : 011-2320758
වෙබ් අඩවිය : www.ngja.gov.lk

 

භාගත කරන්න