මුල් පිටුව රන් ආභරණ නිෂ්පාදකයන් සහ අලෙවිකරුවන් දැනුවත් කිරිම
මුල් පිටුව රන් ආභරණ නිෂ්පාදකයන් සහ අලෙවිකරුවන් දැනුවත් කිරිම

රන් ආභරණ නිෂ්පාදකයන් සහ අලෙවිකරුවන් දැනුවත් කිරිම

* රන්, රිදි, ආභරණ අලෙවි කිරිමේදි නිෂ්පාදකයාගේ සලකුණ / වගකීමේ සලකුණ ආභරණයේ මුද්‍රා තැබිම අනිවාර්යය වේ.

* මෙම සලකුණ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ ලියාපදිංචි කළ යුතුය.

* එම අනුග්‍රහක සලකුණ ලියාපදිංචිය සඳහා වසර 10කට රු.5000.00 + (වැට්බදු) වේ.

* සියලුම අලෙවිකරණ ආභරණ ශ්‍රි ලාංකිය රන්, රිදි, ප්ලැටිනම් ප්‍රමිතීන්ට අනුකූල වීම අනිවාර්යය වේ.

(2006.03.17 දින අංක 1436/21 අති විශේෂ ගැසට් නිවේදනය අනුව)

ගැසට් නිවේදනය බාගත කරන්න

සුදානම් වන්න

ඉදිරියේදි නිෂ්පාදකයාගේ / වගකීමේ සලකුණ සහ ප්‍රමිතීන් සම්බන්ධයෙන් සියලුම ස්වර්ණාභරණ අලෙවිසැල් අධිකාරිය මගින් පරික්ෂා කිරිමට නියමිත අතර
2023.01.01 සිට එම කොන්දේසි ඉටුනොකරන ස්වර්ණාභරණ නිෂ්පාදකයින් / වෙළඳ ව්‍යාපාරිකයින් / පුද්ගලයන්ට විරුද්ධව ගැසට් නිවේදනය
සහ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කරන බව මෙයින් දන්වා සිටිමි.

2023.01.01 දිනට පෙරාතුව නිෂ්පාදකයාගේ සලකුණ සඳහා ලියාපදිංචි කටයුතු කොළඹ 03, මැක්සන්ස් ටවර්, ඇල්ෆ්‍රඩ් හවුස් ගාර්ඩන්හි පිහිටි
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ රන්ප්‍රමාණය නිශ්චය කිරිම හා මුද්‍රා තැබිමේ අංශයට පැමිණ සිදුකර ගත යුතුය.