මුල් පිටුව දෙමුවාවත මැණික් කුළුණ අපනයන සේවා අංශය මගින් දෛනිකව සතියේ දින 05 තුළ අපනයන කටයුතු සිදුකර ගැනීමට ඉදිරියේදී ඔබ සිළුදෙනා වෙත අවස්ථා
මුල් පිටුව දෙමුවාවත මැණික් කුළුණ අපනයන සේවා අංශය මගින් දෛනිකව සතියේ දින 05 තුළ අපනයන කටයුතු සිදුකර ගැනීමට ඉදිරියේදී ඔබ සිළුදෙනා වෙත අවස්ථා

දෙමුවාවත මැණික් කුළුණ අපනයන සේවා අංශය මගින් දෛනිකව සතියේ දින 05 තුළ අපනයන කටයුතු සිදුකර ගැනීමට ඉදිරියේදී ඔබ සිළුදෙනා වෙත අවස්ථා

සියුුම අපනයනකරුවන්ගේ අවධානය පිණිසයි!

දෙමුවාවත මැණික් කුළුණ අපනයන සේවා අංශය මගින් දෛනිකව සතියේ දින 05 තුළ අපනයන කටයුතු සිදුකර ගැනීමට ඉදිරියේදී ඔබ සිළුදෙනා වෙත අවස්ථාව සළසාදීමට මේ වනවිටත් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු කර ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමි.
එතෙක් රත්නපුර අපනයන සේවා අංශය ඔස්සේ තම අපනයන සේවා කටයුතු සිදු කර ගැනීමට අවශ්‍ය සියළුම අපනයනකරුවන් සදහා සෑම සතියකම අගහරුවාදා දිින කුරියර් සේවාව ඔස්සේ සිදු කරන අපනයන කටයුතු සිදුකරගෙන යාමටත් සීග්‍රගාමී තැපැල් සේවය ඔස්සේ අපනයන කටයුතු මෙන්ම අතේ රුගෙන යන අපනයන පාර්සල් අපනයන සිදු කර ගැනීමට අවස්ථාව සළසා දෙන ලෙස අධ්‍යක්ෂ (අපනයන සේවා සහ අපනයන අළෙවි) විසින් උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව ඔබ විසින් මැණික් හා ස්වර්ණාභරණ අපනයන කුරියර් ක්‍රමවේදය / සීග්‍රගාමී තැපැල් සේවය හරහා මෙන්ම අතේ රැගෙන යන අපනයන සිදු කරගැනීමට සතියේ අගහරුවාදා රත්නපුර අපනයන සේවා අංශය සේවා සපයන බවද ඔබගේ අපනයන කටයුතු සම්බන්ධව සේවා අවශ්‍යතාවය 0713841253/ 0712832218 දුරකතන අංක ඔස්සේ වෙත දන්වා සිටින ලෙසද වැඩිදුරටත් දන්වා සිටිමි.

අනෝමා වෙරළුපේ
සහකාර අධ්‍යක්ෂ (අපනන සේවා සහ අපනයන අළෙවි)
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය