මුල් පිටුව පතල් කර්මාන්ත කරුවන් මුහුණ දෙන ගැටඵ සාකච්චා කිරීමෙ හමුව
මුල් පිටුව පතල් කර්මාන්ත කරුවන් මුහුණ දෙන ගැටඵ සාකච්චා කිරීමෙ හමුව

පතල් කර්මාන්ත කරුවන් මුහුණ දෙන ගැටඵ සාකච්චා කිරීමෙ හමුව

විහාරධිපති ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අද දින ඔක්කම්පිටිය දෙමටමල් විහාර ධර්මශාලාවේදී පැවති පතල් කර්මාන්ත කරුවන් මුහුණ දෙන ගැටඵ සාකච්චා කිරීමෙ හමුව සදහා ගෞරවණීය විහාරාධිපති ස්වාමීන් වහන්සෙගේ ආරාධනාවෙන් මා සහ මොනරාගල කලාපය භාර ක්‍රියාත්මක නිළධාරී අජිත් මහතා ඇතුලු සේවක කණ්ඩායම සහභාගී වූ අතර අප අධ්කාරියේ මොනරාගල ප්‍රාදේශිය කාර්‍යලයෙන් සිදුවන මෙහෙය ප්‍රාදේශිය දේශපාලන අධ්කාරියේ සහ පතල් කර්මාන්ත කරුවන්ගේ මහත් පැසසුමට ලක්විය. තවද මෙම අධිකාරිය මගින් ලබාදෙන කඩිනම් සේවාව අගයමින් රාජ්‍ය අමාත්‍ය ගරු චාමර සම්පත් දසනායක මැතිතුමාටත් සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරී තුමාටත් අධ්‍යක්ෂ ජනරාල් තුමා ඇතුලු සියලූම නිළධාරී මණ්ඩලයටත් විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුලු පැමිණි සියලු දෙනාගේ අවංක ස්තුතිය පුදකරන ලදී.