මුල් පිටුව මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන්ට මාර්ගගත (Online) ක්‍රමයට අපනයන පහසුකම් ලබාදීම
මුල් පිටුව මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන්ට මාර්ගගත (Online) ක්‍රමයට අපනයන පහසුකම් ලබාදීම

මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන්ට මාර්ගගත (Online) ක්‍රමයට අපනයන පහසුකම් ලබාදීම

ජාතික මැණික් සහ ස්වර් ණාභරණ අධිකාරිය, දේශීය ආදායම් ‍දෙපාර් තමේන්තුව සමඟ එක්ව මැණික් සහ ස්වර් ණාභරණ අපනයනකරුවන්ට TIN සහ VAT සඳහා ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ දී පහසුකම් සැළසීමට කටයුුතු යොදා ඇත. ඔබේ මැණික් සහ ස්වර් ණාභරණ ව්‍යාපාරය සඳහා TIN සහ VAT අංක ලබාගැනීමට අපේක්ෂා කරන්නේ නම් පහත සඳහන් ලේඛන සමඟ 2022 ඔක්තෝම්බර් 5 සිට 2022 ඔක්තෝම්බර් 7 දක්වා ‍පෙ.ව. 8.30 සිට 2.30 දක්වා නො. 12, මැක්සන්ස් ටවර් හි පිහිටි ජාතික මැණික් සහ ස්වර් ණාභරණ අධිකාරියේ කාර් යාලය වෙත පැමිණෙන්න. ඔබේ ලේඛණ අධිකාරියේ මේ සඳහා පිහිටුවා ඇති විශේෂිත විමසීම් කවුලුව වෙත ගෙනවිත් භාර දෙන්න.

TIN ලියාපදිංචිය සදහා පහත ලේඛනවල මුල්පිටපත් ඉදිරිපත් කළ යුතුය.

තනි පුද්ගලයන් (Individuals)

•නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය
•අයිතිකරුගේ ජාතික හැඳුනුම්පත / වලංගු රියදුරු බලපත්‍රය/ වලංගු විදේශ ගමන් බලපත්‍රය/ ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත
•ජාතික මැණීක් හා ස්වර්ණාභරණ අධිකාරියේ ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත.
•ලිපිනය සනාථ කිරීමේ ලේඛන – ජාතික හැඳුනුම්පතෙහි / වලංගු රියදුරු බලපත්‍ර යේ සඳහන් ලිපිනය සමඟ අයඳුම්පතෙහි සඳහන් ලිපිනය වෙනස් නම් එම ලිපිනය සනාථ කර ගත යුතුය.
ඒ සඳහා ;
•විදුලි බිල්පත/ජල බිල්පත/ස්ථාවර දුරකථන බිල්පත/ග්‍රාම නිලධාරී පදිංචි සහතිකය /බැංකු ගිණුම් ප්‍රකාශ /බැංකු පාස් පොත ලබා ගත යුතුය.
•ඔබ භාවිතා කරන්නේ සහකරුගේ/ සහකාරියගේ ලිපිනය නම්; විවාහ සහතිකය, සහකරුගේ/සහකාරියගේ හැඳුනුම්පත, සහකරුගේ/සහකාරියගේ නමට ඇති ඉහත සඳහන් ලිපිනය තහවුරු කිරීමට අදාල ලේඛනයක්
•ඔබ භාවිතා කරන්නේ දෙමාපියන්ගේ ලිපිනය නම්; ඔබගේ උප්පැන්න සහතිකය, දෙමාපියන්ගේ නමට ඇති ඉහත සඳහන් ලිපිනය තහවුරු කිරීමට අදාල ලේඛනයක්
•සහතිකය ලබා ගැනීමට පැමිණෙන තැනැත්තා අයිතිකරු නොවන්නේ නම් බලය පැවරීමේ ලිපිය සහ එම තැනැත්තාගේ අන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත

හවුල් ව්‍යාපාර (Partnership Business)

•නිසි පරිදි සම්පූර් ණ කරන ලද අයදුම්පත ප්‍රධාන හවුල්කරු හෝ ඇටෝර්නි බලකරු විසින් අත්සන් කර තිබිය යුතුය.
•හවුල්කරුවන්ගේ ජා.හැ.ප./රියදුරු බලපත්‍රය/විදේශ ගමන් බලපත්‍රය.
•හවුල් ව්‍යාපාර ලියාපදිංචි සහතිකය. ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කළ යුතුය.

සහතිකය ලබා ගැනීමට පැමිණෙන තැනැත්තා, හවුල්කරුවෙකු නොවන්නේ නම් බලය පැවරීමේ ලිපිය සහ එම තැනැත්තාගේ අන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත

පුද්ගලික සීමිත වගකීම් සහිත සමාගම් (Private Limited Companies)

•නිසි පරිදි සම්පූර් ණ කරන ලද අයඳුම්පත සමාගමේ අධ්‍යක්ෂවරයෙකු විසින් අත්සන් කර තිබිය යුතුය.
•සංස්ථාගත කිරිමේ සහතිකයේ මුල් පිටපත. (Original Form 41/ Form 2A/Form 2C)
•Original Form 01/ Form 40 (සමාගම් රෙජිස්ට්‍රාර් සහතික කරන ලද මුල් පිටපත)
•සමාගම් කොටස් හිමියන්ගේ / ප්‍රසිද්ධ නොතාරිස්ගේ අත්සන් සහිත සාංගමික ව්‍යවස්ථාවලිය. (Article of Association)
•අධ්‍යක්ෂවරු වෙනස් වී ඇත්නම් අධ්‍යක්ෂවරු වෙනස් වීමේ Original Form 20 (සමාගම් රෙජිස්ට්‍රාර් සහතික කරන ලද මුල් පිටපත) .
•සමාගමේ නම වෙනස් වී ඇත්නම් Original Form 4 ඉදිරිපත් කළ යුතුය (සමාගම් රෙජිස්ට්‍රාර් සහතික කරන ලද මුල් පිටපත)
•ලිපිනයේ වෙනසක් පවතී නම් Original Form 13 ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. (සමාගම් රෙජිස්ට්‍රාර් සහතික කරන ලද මුල් පිටපත)
•ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සහතිකය සහ ආයෝජන මණ්ඩල ගිවිසුම. (අදාල නම්)
•සියලුම අධ්‍යක්ෂවරුන්ගේ ජාතික හැඳුනුම්පත / රියදුරු බලපත්‍රය / වලංගු විදේශ ගමන් බලපත්‍රය. (සහතික කරන ලද පිටපත්) මෙහි සඳහන් අධ්‍යක්ෂවරුන්ගේ නම් Form 01 හි නම් හා සමාන විය යුතුය
•විදේශීය අධ්‍යක්ෂවරුන් සඳහා Form 01 හි සඳහන් ගමන් බලපත්‍රය සමඟ වලංගු විදේශ ගමන් බලපත්‍රය අනිවාර්ය වේ.

VAT ලියාපදිංචිය සදහා අවශ්‍ය ලියකියවිලි

සමාගමේ කොටස් හිමිකාරීත්වය යටතේ මව් සමාගමක් ඇත්නම් එම මව් සමාගමේ TIN සහතිකයේ පිටපතක්
සහතිකය ලබා ගැනීමට පැමිණෙන තැනැත්තා, අධ්‍යක්ෂකවරයෙකු නොවන්නේ නම් බලය පැවරීමේ ලිපිය සහ එම තැනැත්තාගේ අන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත
ඉහත TIN අංකය ලබා ගැනීමෙන් අනතුරුව වැට් සදහා ලියාපදිංචි විය යුතුය.
තාවකාලික VAT ලියාපදිංචි අංකයක් ලබා ගැනීම. (වර්ෂයක් සඳහා වලංගු වේ)

අපනයන සඳහා

•තාවකාලික VAT ලියාපදිංචි වීම සඳහා අයදුම්පත්‍රය (TPR_005_E)
•අපනයන ඉන්වොයිසිය
•ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් නිකුතු කරන ලද වලංගු වෙළඳ බලපත්‍රය.

ආනයන සඳහා

•තාවකාලික VAT ලියාපදිංචි වීම සඳහා අයදුම්පත (TPR_005_E)
•වාණිජ ඉන්වොයිසිය
•Bill of Lading/Airway Bill

කරුණාකර අවසර පත්‍ර ආකෘතිය භාගත කරන්න

කරුණාකර VAT ආකෘතිය භාගත කරන්න