මුල් පිටුව රත්නපුර දෙමුවාවට ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය උත්සවාකාරයෙන් අද දින ජනතා අයිතියට පත්කරන ලදී
මුල් පිටුව රත්නපුර දෙමුවාවට ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය උත්සවාකාරයෙන් අද දින ජනතා අයිතියට පත්කරන ලදී

රත්නපුර දෙමුවාවට ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය උත්සවාකාරයෙන් අද දින ජනතා අයිතියට පත්කරන ලදී

රත්නපුර දෙමුවාවට ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවගේ ඉල්ලීම පරිදි 2021 වර්ෂයේ ජනවාරි 20 වන දින උත්සවාකාරයෙන් ඉදිකිරීම් ආරම්භ කරන ලදී. මෙම මධ්‍යස්ථානය මහල් 5 සමන්විත වන අතර එහි වෙළඳ කුටි 27 සහ අපනයන සේවා පහසුකම් සහ මැණික් පරීක්ෂා කිරීමේ රසායනාගාර සේවාවන් සපයා දිය හැකි පරිදි ස්ථාපිත කර ඇත.

මධ්‍යස්ථානය තුළ දේශීය මෙන්ම විදේශීය ව්‍යාපාරිකයන් සහ ගැනුම්කරුවන් සඳහා වෙළෙඳ කුටි වෙන්කර ඇති හෙයින් විදේශීය ගැනුම්කරුවන් සඳහා ඔවුන්ගේ මැණික් මිලදී ගැනීමේ කාර්යාල ස්ථාපිත කිරීමට අවකාශය සැලසේ එසේම එහි මිලදී ගනු ලබන මැණික් එම මධ්‍යස්ථානය මගින් අපනයනය කළ හැකි පරිදි අපනයන සේවා පහසුකම් සහ ඒ ආශ්‍රිත සේවාවන් සඳහාද පහසුකම් සපයා තිබීම මෙහි සුවිශේෂී ලක්ෂණයක් ලෙස දැක්විය හැකියි.

ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළද මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා කැපවීමෙන් දායකත්වය දැක්වූ මෙම ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සමස්ථ සමස්ත ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමය ඇතුළු සියලූම ප්‍රාදේශීය සංගම්හි සාමාජිකයින් සඳහා මගේ හදපිරි ප්‍රණාමය පුද කරනු ලබන අතර අද දින ජනතා අයිතියට පත්කරන ලද ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ මධ්‍යස්ථානය තුළින් මැණික් සහ ස්වර්ණාභරණ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක් දක්වා ඉහල නංවා ගැනීමට සක්‍රීය දායකත්වයක් දක්වනු ඇතැයි අපේක්ෂා කරමි.