මුල් පිටුව 360ip Japan Science and Technology Venture Capital Organization සහ RURI Social Innovation නිරීක්ෂණ චාරිකාව
මුල් පිටුව 360ip Japan Science and Technology Venture Capital Organization සහ RURI Social Innovation නිරීක්ෂණ චාරිකාව

360ip Japan Science and Technology Venture Capital Organization සහ RURI Social Innovation නිරීක්ෂණ චාරිකාව

මැණික් අපනයන ක්‍රියාවලිය ඉහළ නැංවීමේ පෙරළිකාර පියවරක් ලෙස, 360ip Japan Science and Technology Venture Capital Organization සහ RURI Social Innovation යන සමාගම් වල විශේෂඥයින් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගියදා  ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී මැණික් කර්මාන්තය තුළ විනිවිදභාවය, සොයා ගැනීමේ හැකියාව සහ සාධාරණ වෙළඳ භාවිතයන් වැඩිදියුණු කිරීම සඳහා නව තාක්ෂණික විසඳුම් පිළිබඳව සාකච්ඡා කෙරිණි.
එහිදී මූලික වශයෙන්ම මැනික් අපනයන ක්‍රියාවලියට blockchain තාක්ෂණය යොදාගැනීමට ඇති හැකියාව, Non Fungible Token භාවිතය සහ DNA මත පදනම් වූ ඉහළ වටිනාකමක් ඇති මැණික් සොයා ගැනීම සඳහා අනාගත සැලැස්මක් හඳුන්වාදීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.