මුල් පිටුව Bride and Groom Wedding Fair 2023
මුල් පිටුව Bride and Groom Wedding Fair 2023

Bride and Groom Wedding Fair 2023


වෙළෙඳ හා ප්‍රදර්ශන කුටි වෙන්කර ගැනීම සදහා – අයැදුම්පත

 

ආරාධනයයි !

ක්ෂුද්‍ර හා සුළු පරිමාණ මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් සදහා 2023 ඔක්තෝබර් මස 06, 07, 08 යන තෙදින තුළ BMICH හි පැවැත්වීමට නියමිත Bride and Groom Wedding Fair සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ හා ප්‍රදර්ශන කුටියක් පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා ක්ෂුද්‍ර හා සුළු පරිමාණ මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් හට අයදුම් කිරීමට ආරාධනා කරනු ලැබේ.

සීමිත වෙළඳකුටි අවස්ථාපවතින බැවින් මේ සඳහා උනන්දුවක් ඇති ව්‍යාපාරිකයින් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ අපනයන ප්‍රවර්ධන අංශයේ හෝ අධිකාරියේ වෙබ් අඩවියේ (wwwangja.gov.lk) නියමිත ආකෘති පත්‍රය භාවිතා කර අයදුම්පත් සකස් කළ යුතුය.

නිසි පරිදි සකස් කළ අයදුම්පත 2023 ඔක්තෝබර් මස 03වන දිනට හෝ ඊට පෙර ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ පහත ලිපිනයෙහි පිහිටා ඇති ප්‍රධාන කාර්යාලයේ අපනයන ප්‍රවර්ධන අංශය වෙත හෝ විද්‍යුත් තැපැල මගින් ලැබීමට සලස්වන්න.

ලියුම් කවරයේ වම් කෙළවරෙහි ඉහලින් “Bride and Groom Wedding fair ලෙස සදහන් කරන්න.

සහභාගීවීම සදහා ගාස්තු ලෙස රු.10,000.00ක මුදලක් අයකරනු ලැබේ.