මුල් පිටුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා කරනු ලබන ආරාධනයයි.
මුල් පිටුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා කරනු ලබන ආරාධනයයි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා කරනු ලබන ආරාධනයයි.

ජපානයේ ටෝකියෝ නගරයෙහි 2024 ජනවාරි මස 17 වන දින සිට ජනවාරි මස 20 වන දින දක්වා “INTERNATIONAL JEWELLERY TOKYO (IJT) SHOW” ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා මණ්ඩපය තුළ මැණික් සහ ස්වර්ණාභරණ අයිතම ප්‍රදර්ශණය කිරීමට හා ව්‍යාපාරික අවස්ථා පුළුල් කර ගැනීමට කැමැත්තක් දක්වන මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් සහ සුළු හා මධ්‍ය පරිමාණ මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

ප්‍රදර්ශණ අවස්ථා සීමිත සංඛ්‍යාවක් පවතින හෙයින් අයදුම්කරුවන් තෝරා ගැනීම, විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මඟින් සිදු කරනු ලබන අතර මේ සඳහා උනන්දුවක් දක්වන ව්‍යවසායකයින් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිල වෙබි අඩවිය (www.ngja.gov.lk) වෙත පිවිස නියමිත අයදුම්පතේ ආකෘති පත්‍රය අනුව සකස් කළ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේ