මුල් පිටුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා කරනු ලබන ආරාධනයයි
මුල් පිටුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා කරනු ලබන ආරාධනයයි

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා කරනු ලබන ආරාධනයයි

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය කර්මාන්ත අමාත්‍යංශය

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා කරනු ලබන

ආරාධනයයි

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී 2024 ජනවාරි මස 06 වන දින සිට ජනවාරි මස 08 දින දක්වා, 30 වන වරටත් පැවැත්වීමට නියමිත ෆැසෙට් ශ්‍රී ලංකා 2024 ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මණ්ඩපය, ශ්‍රී ලංකාව මැණික් අගනුවර ” යන තේමාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම අරමුණු කොටගෙන මෙවරත් සංවිධානය කරනු ලබන බව සතුටින් දැනුම් දෙනු කැමැත්තෙමු. මෙම ඉහළ කීර්තියක් උසුලන ප්‍රදර්ශනය සඳහා මෙවරත් නරඹන්නන් 10,000 කට වැඩි පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉහත ප්‍රදර්ශණයේ අධිකාරී මණ්ඩපය තුළ මැණික් සහ ස්වර්ණාභරණ අයිතම ප්‍රදර්ශණය කිරීමට හා ව්‍යාපාරික අවස්ථා පුළුල් කර ගැනීමට කැමැත්තක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයින්ගෙන් අයඳුම්පත් කැඳවනු ලැබේ.

ප්‍රදර්ශණ අවස්ථා සීමිත සංඛ්‍යාවක් පවතින හෙයින් අයඳුම්කරුවන් තෝරා ගැනීම, විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මඟින් සිදු කරනු ලබන අතර මේ සඳහා උනන්දුවක් දක්වන ව්‍යවසායකයින් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිල වෙබ් අඩවිය (www.ngja.gov.lk) වෙත පිවිස නියමිත අයදුම්පතේ ආකෘති පත්‍රය අනුව සකස් කළ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේ.

ෆැසෙට් ශ්‍රී ලංකා 2024 – සුළු හා මධ්‍ය පරිමාණ මණ්ඩපය ලෙසින් කවරයේ වම් කෙලවර සඳහන් කරන ලද අයදුම්පත් 2023 නොවැම්බර් මස 30 වන දිනට හෝ ඊට පෙර පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අපනයන ප්‍රවර්ධන අංශය වෙත ගෙනවිත් භාරදිය යුතුයි.

අපනයන ප්‍රවර්ධන අංශය අමතන්න.

සෘජු දුරකථන : 011-2390653

 

 

Application-Form-FACETS