මුල් පිටුව තනතුරු පුරප්පාඩු
මුල් පිටුව තනතුරු පුරප්පාඩු

තනතුරු පුරප්පාඩු

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය
කර්මාන්ත අමාත්‍යාංශය
තනතුරු පුරප්පාඩු

 

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පුරප්පාඩුව පවතින පහත සඳහන් තනතුරු සඳහා ශ්‍රීලාංකික පුරවැසියන් අතුරින් සුදුසුකම්ලත් හා අත්දැකීම් සහිත අපේක්ෂකයින් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ.

 

01. තක්සේරු රත්නවිද්‍යාඥ සහකාර – (MA 5-1) – තනතුරු 05
බාහිර අයදුම්කරුවන් – සුදුසුකම් හා පළපුරුද්ද

 

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක රත්න විද්‍යාව/ භූ විද්‍යාව/ ඛණිජ විද්‍යාව/ ඛණිජ තාක්ෂණ විද්‍යාව/ පරිසර විද්‍යාව සහ ස්වභාවික සම්පත් කළමනාකරණය/ විද්‍යාව (ඛණිජ විද්‍යාව/ රසායන විද්‍යාව/ භූ විද්‍යාව/ භෞතික විද්‍යාව විෂයක් වශයෙන් ඇතුලත්) උපාධියක් ලබා තිබීම.

 

වැටුප් පරිමාණය – MA 5.1 – Rs. [34,870 – 10×660- 15×755-11×930-63,025/-] + රජයේ අනුමත දීමනා හිමි වේ.

 

අතිරේක ප්‍රතිලාභ;

  • සේවක අර්ථසාධක / භාරකාරත්ව අරමුදලේ ප්‍රතිලාභ
  • වාර්ෂික ලාභ මත ගෙවනු ලබන දිරි දීමනා
  • සේවකයා සහ ඔහු / ඇය‍ගේ පවුලේ අය සඳහා වෛද්‍ය පහසුකම්
  • ප්‍රවාහන දීමනා
  • ත්‍යාග අරමුදල් දීමනා
  • නිවාස ණය පොලී සහන සහ වෙනත් ණය පහසුකම්
  • වර්ෂ අවසානයේ ඉතිරි නිවාඩු සඳහා ගෙවීම්

 

ඉහත සියලු තනතුරු සඳහා අයදුම් කරන පුරවැසියන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරිමට බැඳි සිටිය යුතුයි.

 

ඉහත තනතුර සම්බන්ධව උනන්දුවක් දක්වන අයදුම්කරුවන් තම අයදුම්පත් ඔබ ගැන විස්තර ලබාගත හැකි ඥාතී නොවන දෙදෙනෙකුගේ නම්‚ තනතුරු හා දුරකථන අංක අයදුම්පත්‍රයට ඇතුලත් කොට තම වෘත්තීය සහ අධ්‍යාපන සහතික සහ සේවා සහතිකවල, සහතික කරන ලද පිටපත්ද සමඟ සිය අයදුම්පත 2024/ 05/ 20 දින හෝ එදිනට පෙර අයදුම්කරනු ලබන තනතුරේ නම ලියුම් කවරයේ ඉහල වම් කෙලවරෙහි සඳහන් කර සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි වෙත පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ලැබෙන සේ එවිය යුතුය. රාජ්‍ය අංශයේ සේවය කරන අපේක්ෂකයින් සිය අයදුම්පත් සිය දෙපාර්තමේන්තු ප්‍රධානින් මඟින් එවිය යුතුයි. ප්‍රමාදවී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරේ. සුදුසුකම් ලබන අයදුම්කරුවන් පමණක් සම්මුඛ පරික්ෂණය සඳහා කැඳවනු ලැබේ.

 

සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය

අංක 12. මැක්සන්ස් ටවර්, ඇල්ෆ්‍රඩ් හවුස් ගාර්ඩ්න්, කොළඹ 03
දුරකථන : 011-2329295/2325364/2390645-8 ෆැක්ස් : 011-2320758
වෙබ් අඩවිය : www.ngja.gov.lk