මුල් පිටුව ව්යාපාරික සේවා අපනයන සේවා ක්‍රියාවලිය
මුල් පිටුව ව්යාපාරික සේවා අපනයන සේවා ක්‍රියාවලිය

අපනයන සේවා ක්‍රියාවලිය

මැණික් සහ ස්වර්ණාභරණ අපනයනය සඳහා වූ ක්‍රියාවලිය

1993 අංක 50 දරණ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ පනත අනුව අපනයනය කරනු ලබන සියලුම මැණික් සහ ස්වර්ණාභරණ මෙම අධිකාරියේ අපනයන අංශය මඟින් සිදුකළ යුතුය.
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ අපනයන මධ්‍යස්ථාන

නො.12, මැක්සන් ටවර්,ඇල්ෆර්ඩ් හවූස් උද්‍යානය, කොළඹ 03 පිහිටි ජාතික මැණීක් සහ ස්වර්ණාභරණ අධිකරියේ ප්‍රධාන කාර්යාලය – පස්වන මහළ

රංග වනසිංහ මහතා

සහකාර අධ්‍යක්ෂ (ES&EM), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය
දු. අ. (සෘජු) – 0112337693 / (ජංගම) – +94713833980

අචලා පෙරේරා මහත්මිය

සහකාර අධ්‍යක්ෂ (ES&EM), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය
දු. අ. (සෘජු) – 0112390654/ (ජංගම) – +94711236673

“මැණික් මධ්‍යස්ථානය”, රත්නපුර,

අනෝමා වෙරළුපේ මෙනවිය

සහකාර අධ්‍යක්ෂ (ES&EM), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය
දු. අ. (සෘජු) – 045 2222008 / (ජංගම) – +94712832218

මැණික් අපනයන මධ්‍යස්ථානය, Cargo Village, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල – කටුනායක.

ශානක කරුණාරත්න මහත‍ා

ස්ථානභාර නිලධාරී/ අපනයන සේවා නිලධාරී
දු. අ. (සෘජු) – 0112252203 / (ජංගම) – +94 71 238 5591

වැඩි විස්තර සදහා භාගත කරන්න

1.අපනයනයක් සිදු කිරීමට අපේක්ෂිත අපනයකරුවෙකු විසින් අපනයනය කිරීමට නියමිත භාණ්ඩවල වටිනාකම ආවරණය වන පරිදි මැණික් වෙළෙඳ බලපත්‍රයක් ලබා ගත යුතුය.(ඕනෑම අවස්ථාවක තමා සතු උපරිම මැණික් හෝ ස්වර්ණාභරණ තොගය මත පදනම් ව මැණික් වෙළෙඳ බලපත්‍රය ලබාගත හැක).
2.අපනයනය කිරීමට අපේක්ෂිත මැණික් සහ ස්වර්ණාභරණ අයිතමය හෝ අයිතම් තොගය, අපනයනරු විසින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් අපනයන මධ්‍යස්ථානයන් , වෙත භෞතිකව රැගෙන ආ යුතුය. ඒ අනුව සියලුම මැණික් සහ ස්වර්ණාභරණ අපනයනයන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අපනයන අංශය මඟින් පමණක් සිදුකළ යුතුය.

මෙම අපනයන අංශයන් මඟින් සපයනු ලබන අපනයන සේවා වර්ගීකරණය

මැණික්/ ස්වර්ණාභරණ අපනයනය සඳහා පහසුකම් සැලසීම (PGE/PJE)
තොග පදනම මත මැණික් හා ස්වර්ණාභරණ අපනයනය සඳහා පහසුකම් සැලසීම (PCGE/PCJE)
ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශන සඳහා මැණික් / ස්ව්ර්ණාභරණ අපනයනය සඳහා පහසුකම් සැලසීම – ප්‍රදර්ශන කාණ්ඩය (EXG/EXJ)
පුද්ගලික මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශන සඳහා මැණික් සහ ස්වර්ණාභරණ අපනයනය සඳහා පහසුකම් සැලසීම – ආදර්ශන කාණ්ඩය (EXG – D/ EXJ – D)
ජාත්‍යන්තර රසායනාගාර වාර්තා ලබාගැනීම සඳහා වූ අපනයනයන් සඳහා පහසුකම් සැලසීම (PCGE – T)
වෙළඳ සාම්පල අපනයනය සඳහා පහසුකම් සැලසීම
ගෙවුඩ අපනයන සඳහා පහසුකම් සැලසීම

මැණික් සහ ස්වර්ණාභරණ අපනයන සේවාව ලබාගැනීම සඳහා අවශ්‍ය වන ලේඛන

3.පිටපත් හයකින් (06) යුත් වාණිජ ඉන්වොයිසිය අපනයන අංශය වෙත අපනයන අයිතම සමඟ ඉදිරිපත් කළ යුතුය .මෙම පිටපත් පහත පරිදි යොදාගනී.

üඅපනයන අංශය – මුල් පිටපත
üශ්‍රී ලංකා රේගුව -2 වැනි පිටපත
üඅධිකාරියේ සංඛ්‍යාලේඛන අංශය – 3 වැනි පිටපත
üඅපනයන සේවා ගාස්තු ගෙවීම සඳහා භාවිත කළ යුතු පිටපත
üශ්‍රී ලංකා රේගුවේ සංඛ්‍යාලේඛන අංශය -5 වැනි පිටපත
ü6 වෙනි පිටපත – අපනයනකරු වෙත මුද්‍රා තබා නිකුත් කෙරේ.

ගුවන් තැපෑල / ගුවන් භාණ්ඩ ප්‍රවාහන ආයතනය සඳහා, G. S. P. සහතිකය, “Carnet” සහතිකය, රක්ෂණ ආවරණයක් ලබා ගැනීමට අපනයන වාණිජ ඉන්වොයිස් පත්‍රිකාවේ අධිකාරිය විසින් සහතික කරන ලද පිටපත් අවශ්‍ය වේ.

4.අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ පස්වන මහළේ මැණික් අපනයන සේවා මධ්‍යස්ථානය, කටුනායක සහ රත්නපුර ශාඛාවන් හි අපනයන සේවා අංශ සියලු වැඩ කරන දිනවලදී පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා සිදුකෙරේ.

üඅපනයනකරුගේ නම සහ ලිපිනය
üඅපනයන පාර්සල් ලාභියාගේ නම සහ ලිපිනය
üඅපනයනකරුගේ ස්වයං ප්‍රකාශය (Self-declaration)
üඅපනයන පාර්සල් ලාභියාගේ බැංකු ලිපිනය (අවශ්‍ය නම්)
üගෙවීම් කිරීමේ මාධ්‍ය
üඅපනයනය කළ දිනය සඳහා අදාල වන විදේශ විනිමය අනුපාතිකය
üඅපනයන පාර්සලය අතේ ගෙන යනු ලබන්නේ නම්, ධාරකයාගේ විදේශ ගමන් බලපත්‍රයේ අංකය
üනැව්ගත කල දිනය
üපිටත්වන දිනය
üගුවන්යානයේ අංකය

වැඩි විස්තර සදහා භාගත කරන්න

අපනයන ඉන්වොයිසිය සකස් කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය.

අපනයන ඉන්වොයිසිය අපනයනකරුගේ ලිපි ශීර්ෂය සහිතව මුද්‍රණය කර තිබිය යුතුය.
අපනයන ඉන්වොයිසිය නිලධාරීන්ගේ පරීක්ෂාව සඳහා විධිමත්ව සහ පැහැදිලිව මුද්‍රිතව ඉදිරිපත් කළ යුතු අතර අතින් ලියන ලද ඉන්වොයිසි පිළිගනු නොලැබේ.
මුද්‍රිත ඉන්වොයිසිය සඳහා අතින් වෙනස් කිරීම් සිදු නොකළ යුතුය.
අපනයනකරුවන් විසින් ඉදිරිපත් කරන ලද සියලුම අපනයන ඉන්වොයිසිවල අධිකාරියේ බලපත්‍ර අංකය සහ අධිකාරියේ ගොනු අංකය පැහැදිලිව සඳහන් කළ යුතුය.
අපනයන ඉන්වොයිසියේ අපනයනය අයිතමයන්ගේ /තොගයේ F.O.B වටිනාකම (සම්පූර්ණ නැව්ගත වටිනාකම) දැක්විය යුතුය.
තැපැල් දෙපාර්තමේන්තුව/ කුරියර් හරහා තම අපනයන පාර්සලය යැවීමට අපේක්ෂිත අපනයනකරුවන් විසින් C.I.F / C & F වටිනාකම ද ඉන්වොයිසිවල සඳහන් කළ යුතුය.
ඉන්වොයිසියේ මැණික් ගල්වල බර කැරට් (Ct.) වලින් දැක්විය විය යුතු අතර ස්වර්ණාභරණ සඳහා අයිතම වල බර ග්‍රෑම්වලින් (g) ද, අදාල ලෝහයේ වර්ගය (Yellow Gold/ White Gold/ Platinum/ Silver or any other ) ප්‍රමිතිය කැරට් (Kt.) වලින්ද දැක්විය යුතුය. තවදුරටත් ස්වර්ණාභරණ අයිතම ගණන ද සඳහන් කළ යුතුය.
අපනයන දිනයට අදාළව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශිත විදේශ විනිමය අනුපාතිකය අනුව ඉන්වොයිසිය සකස් කළ යුතුය.
ඉන්වොයිසියේ ඇතුළත් අයිතම වල වටිනාකම දැක්වීමේ දී වර්ථමාන වෙළඳපල වටිනාකම අනුව සකස් කළ යුතුය – ඌණ අගයක් සහිත හෝ අධි වටිනාකමක් ඇති මැණික් සහ ස්වර්ණාභරණ පාර්සල් අපනයනය කිරීමට අවසර නොදේ.

ඉන්වොයිසියේ ආකෘතිය – මැණික් සඳහා

මැණික් අපනයනයේ දී එක් එක් අයිතමයන්හි බර කැරට් 1 ට වඩා අඩු නම් අදාළ තොගය Lots වශයෙන් දැක්වීය හැක.
ප්‍රමාණයන් තොග වශයෙන් ඉදිරිපත් කිරීමේදී එක සමාන මැණික් වර්ගවලින් සහ සමාන වටිනාකම් සහිත මැණික් පමණක් ලොට් හෝ තොග වශයෙන් ඉදීරිපත් කල යුතුය. උදාහරණයක් ලෙස කොරන්ඩමි මැණික් තොගයන්හි අනෙකුත් මැණික් වර්ග ඇතුලත් කළ නොහැක.
Cts 10 ට වැඩි සියලුම වටිනා මැණික් වර්ග අධිකාරියේ මැණික් රසායනාගාරය වෙත ඉදිරිපත් කර විස්තරාත්මක වාර්තාවක් ලබා ගත යුතුය. ආපසු පැමිණෙන මැණික් හඳුනා ගැනීම සඳහා මෙම පියවර අවශ්‍ය වේ. (පහසු පරිශීලනය සඳහා වැඩ පත්‍රිකාවේ පිටපත අමුණා ඇත)
අපනයනයේ දී අනුගමනය කල යුතු පියවර,

කවුන්ටර අංක 01 – අපනයන අංශයේ කවුන්ටර් අංක 01 හි නිලධාරියා වෙත ඉන්වොයිසිය භාර දිය යුතු අතර, ඔහු විසින් අධිකාරියේ මැණික් වෙළෙඳ බලපත්‍රය, එහි වලංගු කාලය ඉක්මවා ඇත් ද යන්න සහ බලපත්‍රයේ තොග සීමාව ආවරණය වන්නේ ද යන්න පරීක්ෂා කරනු ලබයි.

කවුන්ටර් 02 – කවුන්ටර් 01 මඟින් සහතික කරන ලද අපනයන ඉන්වොයිසිය අපනයන අංශයේ සහකාර අධ්‍යක්ෂවරයාට, අපනයන අයිතමය හෝ තොගය සමඟ භෞතිකව ඉදිරිපත් කළ යුතු ය. එහිදී අපනයන ඉන්වොයිසියේ නිරවද්‍යතාවය පරික්ෂා කරනු ලබන අතර අපනයන ඉන්වොයිසියේ සඳහන් අයිතමයන් වෙන් වෙන් වශයෙන් පරික්ෂා කර ඉනවොයිසියේ සඳහන් බර සමඟ සැස‍‍ඳේ ද යන්න භෞතිකව පරීක්ෂා කර තාවකාලිකව මුද්‍රා තබනු ලැබේ.
කවුන්ටර් අංක 03 – අධිකාරියේ මැණික් විද්‍යාඥයා / තක්සේරුකරු සහ ශ්‍රී ලංකා රේගුවේ මැණික් අංශයේ නිලධාරීන් විසින් අපනයනකරු හෝ ඔහුගේ/ඇයගේ බලයලත් නියෝජිතයා ඉදිරියේදී අපනයන පාර්සලය භෞතිකව පරීක්ෂා කරනු ලැබේ.
මෙහිදී අපනයන ඉන්වොයිසියේ සඳහන් මැණික් සහ ස්වර්ණාභරණ වල නිරවද්‍යතාවය සහ වටිනාකම භෞතිකව පරික්ෂා කරනු ලබන අතර එහි සඳහන් වටිනාකමට ඌණ හෝ අධි වටිනාකම් ද යන්න පරික්ෂා කරනු ලැබේ.
අපනයන පාර්සලය කඩදාසි වලින් ආවරණය කර ලාකඩ ඉටි වලින් මුද්‍රා තබනු ලැබේ. (මේ සඳහා තමාගේම ඇසුරුමක් සහ දුඹුරු කඩදාසි රැගෙන එන ලෙස අපනයනකරුට උපදෙස් දෙනු ලැබේ) පාර්සලය අධිකාරියේ මැණික් විද්‍යාඥයා / තක්සේරුකරු, ශ්‍රී ලංකා රේගුවේ මැණික් අංශයේ නිලධාරීයා විසින් සහ අපනයනකරු විසින් නිල මුද්‍රාව තබා සහතික කළ යුතු ය.
කිසියම් අයුරකින් පාර්සලයේ කෘතිම ගල් ඇති බවට අනාවරණය වුවහොත් සහ ඒවා කෘත්‍රිම ගල් ලෙස ඉන්වොයිසියේ ප්‍රකාශ කර නොමැති බව භෞතික පරීක්ෂණයේ දී අණාවරණය වුවහොත් අදාල අයිතම අධිකාරිය විසින් රාජසන්තක කරනු ලැබේ.
මුද්‍රා තැබූ පාර්සලය ප්‍රවාහනය සඳහා භාරදෙන තෙක් අධිකාරිය භාරයේ තබා ගන්නා අතර අධිකාරියේ මැණික් විද්‍යාඥයා / තක්සේරුකරු සහ ශ්‍රී ලංකා රේගුවේ මැණික් අංශයේ නිලධාරීයා විසින් සහතික කරන ලද අපනයන ඉන්වොයිසිය කවුන්ටර් අංක 04 සඳහා ඉදිරිපත් කළ යුතු ය. කවුන්ටර් අංක 4 මඟින් අපනයන ඉන්වොයිසිය අංකනය කර අපනයන සේවා ගාස්තු ගණනය සඳහා යොමු කෙරේ.
අපනයන සේවා ගාස්තුව ගණනය කිරීම සිදුකරනු ලබන අතර ගණනය කිරීම්හි නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අංකනය කර මුද්‍රා තැබූ ඉන්වොයිසිය සහකාර අධ්‍යක්ෂ විසින් අපනයනකරු වෙත නිදහස් කෙරේ.
අපනයන සේවා ගාස්තුව අයකැමි වෙත පියවීමෙන් අනතුරුව මුද්‍රා තබන ලද අපනයන පාර්සලය අපනයනකරුට නිදහස් කෙරේ.
සීඝ්‍රගාමී හෝ රෙජිස්ටර් තැපෑල මඟින් ප්‍රවාහනය කරනු අපනයන පාර්සලය සඳහා රක්ෂණ ආවරණයක් ලබා ගත යුතු ය. මුද්‍රා තැබූ අපනයන පාර්සලය පස්වරු 2.00 ට ප්‍රථම අධිකාරීයේ 4 වන මහළේ පිහිටා ඇති තැපැල් කන්තෝරුව වෙත භාරදිය යුතු ය. (ප්‍රවාහනය කරනු ලබන රට සහ බර අනුව තැපැල් ගාස්තු අයකරනු ලැබේ)
කුරියර් ඒජන්තවරුන් මඟින් ප්‍රවාහනය කරනු ලබන අපනයන පාර්සල් කුරියර් ඒජන්ත නියෝජිතයා වෙත ලබා දිය යුතු අතර එහිදී ගුවන්ගමන් බිල්පත මෙන්ම මැණික් සහ ස්වර්ණාභරණ පාර්සලය ගමනාන්තයට ළඟා වන තෙක් තහවුරු කර ගැනීම සඳහා Tracking Number ලබා ගත යුතුය. (කුරියර් ඒජන්ත ගාස්තු අයකරනු ලැබේ)
මුද්‍රා තැබූ අපනයන පාර්සල් අපනයනකරුට නිදහස් කිරීමේ දී, නිකුත් කිරීමේ ලේඛනයේ පාර්සලයේ තොරතුරු ඇතුළත් කළ යුතු ය. සියලුම වැඩ කරන දිනවල ගුවන් තැපැල් පාර්සල් නිකුත් කිරීම සිදු කෙරේ.
අතේ රැගෙන යන මුද්‍රා තැබූ අපනයන පාර්සල් වලට අදාලව අධිකාරියේ අපනයන අංශය විසින් අපනයනයට අදාළ සියලුම ලියකියවිලි පරීක්ෂා කර ශ්‍රී ලංකා රේගුව වෙත මුදා හරිනු ඇති අතර මුද්‍රා තැබූ අපනයන පාර්සලය විශේෂිත ආරක්ෂිත රථ මඟින් බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි (කටුනායක) රේගු අංශය වෙත භාර දෙනු ලැබේ. මුද්‍රා තැබූ අපනයන පාර්සලය දරන්නා විසින් අනන්‍යත‍ාවය තහවුරු කරගැනීමෙන් අනතුරුව මුද්‍රා තබන ලද අපනයන පර්සලය මුදා ගැනීමට හැකි වේ.

භාගත කරන්න – ආකෘති පත්‍රය  

නොවිකිණී ආපසු පැමිණෙන මැණික් සහ ස්වර්ණාභරණ පාර්සලය නැවත ලබාගැනීමේ ක්‍රියාපටිපාටිය

නියමිත පරිදි සම්පූර්ණ කර ඇති රේගු ආනයන ප්‍රවේශ බිල්පත සමඟ ශ්‍රී ලංකා රේගුවේ මැණික් අංශයේ නිලධාරීයා සම්බන්ධ කරගත යුතු ය. අවශ්‍ය ලේඛණ සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපළේ සිට ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ අපනයන අංශය වෙත පාර්සලය මාරු කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් අනුමත කරනු ඇත.
පාර්සලය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත පැමිණි පසු, අපනයනකරු විසින් පාර්සලයේ අංකය, අපනයනය කළ දිනය සම්බන්ධ විස්තර අධිකාරියේ අපනයන අංශය වෙත ඉදිරිපත් කර, අපනයන ඉන්වොයිසියට අදාල මුල් ඉන්වොයිසිය නිරීක්ෂණය කිරීමට හැකි වන පරිදි ඉදිරිපත් කළ යුතුය.
පාර්සලය තුළ ඇති භාණ්ඩවල භෞතික විස්තරය, අංකය, බර, මිල ගණන් යනාදිය මුල් ඉන්වොයිස් තොරතුරු සමඟ ගැළපෙන බවත්, එම පාර්සලය විදේශ බැංකුව / රේගුව විසින් මුද්‍රා සහ අවශ්‍ය සහතික සමඟ ආපසු එවා ඇති බවත්මෙම පාර්සලය ශ්‍රී ලංකා රේගුවේ මැණික් අංශයේ නිලධාරීයා සහ අධිකාරියෙහි මැණික් තක්සේරු/ රතනවිද්‍යාඥ සෑහීමකට පත්වන්නේ නම්, ශ්‍රී ලංකා රේගුවේ මැණික් අංශයේ නිලධාරීයා විසින් පාර්සලය මුදා හැරීමට අවසර දෙනු ඇත.
පාර්සලය නැවත අපනයනකරු වෙත රේගුව විසින් ඉදිරිපත් කිරීමෙන් පසු අධිකාරියේ සහ ශ්‍රී ලංකා රේගුවේ මැණික් අංශයේ නිලධාරීන් විසින් ගබඩා බිල්පත් ලෙස ඇතුළත් කිරීම් සිදුකරනු ලැබේ.

ප්‍රදර්ශන අපනයන සඳහා සේවා ගාස්තු සහනය අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටිය

ජාත්‍යන්තර ප්‍රදර්ශනවලට සහභාගිවන්නන් සඳහා අපනයන සේවා ගාස්තු සහනය ( පූර්ව අපනයන සේවා ගාස්තු අයනොකිරීම) ලබාදීම, අපනයන තොගය නැවත පැමිණීමේ දී විකුණූ අයිතමයන්ට අදාලව සේවා ගාස්තුව පියවීමේ සහතිකය මත පදනම්ව මෙම සේවා ගාස්තු සහනය ප්‍රදානය කෙරේ.
අපනයනකරු විසින් අපේක්ෂිත අපනයන දිනයට දින හතකට පෙර (07) අපනයන සේවා සහ අපනයන අලෙවි අධ්‍යක්ෂ වෙත විධිමත් ඉල්ලීමක් සිදුකිරීමෙන් මෙම සහනය ලබාගත හැකිය.
අපනයනකරු, විසින් ප්‍රදර්ශන සංවිධායකයින් විසින් නිකුත් කරන ලද, නිසි පරිදි අත්සන් කරන ලද කොන්ත්‍රාත්තුව, ප්‍රදර්ශන කුටියේ ගෙවීම් කුවිතාන්සිය සහ ප්‍රදර්ශන සංවිධායක විසින් කරන ලද ආරාධනය, ඉල්ලුම් ලිපිය වෙත අමුණා තිබිය යුතුය.
අපනයන සේවා ගාස්තු නිදහස් කිරීම ලබා දෙනු ලබන්නේ අපනයනය කළ දින සිට උපරිම දින 180 ක් දක්වා පමණක් වේ.
පරිපලන ගාස්තු ලෙස රු.15 000/- මුදලක් අපනයන අවස්ථාවේදී අය කරනු ලැබේ.
අපනයනය කරන ලද මැණික් හා ස්වර්ණාභරණ පාර්සලය නැවත පැමිණිමේ දී අපනයනකරු විසින් අපනයනය සිදුකළ ශාඛාව වෙතම වාර්තා කළ යුතු අතර අපනයනකරු විසින් විකුණුම් සහ නොවිකිණී ඉතිරි වූ අයිතම අපනයන ඉන්වොයිසිය සමඟ ඉදිරිපත් කළ යුතුය. මෙම පාර්සලය ශ්‍රී ලංකා රේගුවේ මැණික් ඒකකයෙ නිලධාරීන් සහ අධිකාරියේ මැණික් තක්සේරු සහ අපනයන අංශයේ නිලධාරීන් විසින් භෞතිකව පරික්ෂා කරනු ලැබේ.
ප්‍රකාශිත විකුණන ලද අයිතම මත පදනම්ව සේවා ගාස්තු ගණනය කෙරේ. විකුණන ලද අයිතමවල සම්පූර්ණ නැවිගත විටිනාකම මත 0.25% ක් අපනයන සේවා ගාස්තු ලෙස අයකරනු ලැබේ. මෙහි දී 0.25% ක සේවා ගාස්තුව (විකුණන ලද අයිතමවල සම්පූර්ණ නැවිගත විටිනාකම මත) රුපියල් 15,000/- ක පරිපාලන ගාස්තුව නොඉක්මවන්නේ නම් අමතර ගාස්තුවක් අය නොකෙරේ. සේවා ගාස්තු වටිනාකම රුපියල් 15,000/- ක පරිපාලන ගාස්තුව ඉක්ම වන්නේ නම් අගයන් අතර වෙනස අය කෙරේ. (සැබවින්ම ගෙවිය යුතු සැබෑ ගාස්තුවෙන් මුලින් ගෙවන පරිපාලන ගාස්තු රු. 15,000/- හිලව් කෙරේ)
සම්පූර්ණ නැව්ගත වටිනාකම මත සේවා ගාස්තුව රු. 15,000/- ට නොඉක්මවන්නේ නම්, පරිපාලන ගාස්තු රු. 15,000/- රඳවා ගනු ලැබේ.
සහන කාලය අවසන් වීමට පෙර, විකිණූ භාණ්ඩ ඉදිරිපත් කිරීමට, නිවැරදිව ප්‍රකාශ කිරීමට හෝ එම මැණික්/ස්වර්ණාභරණ භෞතික පරික්ෂාවට ඉදිරිපත් කිරීමට අපනයනකරු අපොහොසත් වුවහොත් අධිකාරිය විසින් අපනයන ඉන්වොයිසියේ සම්පූර්ණ නැවිගත වටිනාකම මත ( FOB අගයෙන් ) 0.25% ක අපනයන සේවා ගාස්තුව අයකර ගනු ඇත.

අපනයන සඳහා සේවා ගාස්තු සහනය අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටිය – නිදර්ශන කාණ්ඩය

අපනයන සේවා ගාස්තු සහනය ප්‍රදානය කරනු ලබන්නේ මුදල් තැන්පතු හෝ බැංකු ඇපකරයක් මගින් සේවා ගාස්තුව ආවරණය වන මැණික් හෝ ස්වර්ණාභරණ තොග අපනයනය සඳහා පමණි.
අපනයන සේවා ගාස්තු නිදහස් කිරීම ලබා දෙනු ලබන්නේ අපනයනය කළ දින සිට උපරිම දින 180 ක් දක්වා පමණක් වේ.
පරිපලන ගාස්තු ලෙස රු.15 000/- මුදලක් අපනයන අවස්ථාවේදී අය කරනු ලැබේ.
අපනයන ඉන්වොයිසියේ ප්‍රකාශිත විකුණන ලද අයිතමවල නැවිගත වට්නාකම මත (FOB අගය) 0.5% ක අපනයන සේවා ගාස්තුවක් අපනයන පාර්සලය නැවත පැමිණීමේ දී අය කෙරේ.
අපනයනය කළ දින සිට දින 180ක් ඇතුළත අදාළ අපනයන පාර්සලය ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් ඉන්වොයිසියේ සම්පූර්ණ නැවිගත වටිනාකම මත (FOB අගයෙන් ) 0.5%ක් අපනයන සේවා ගාස්තු ලෙස අය කෙරේ.
අපනයන පාර්සලය සම්පූර්ණයෙන්ම නොවිකිණී ආපසු පැමිණි විට එ් සඳහා – රු. 3,000/- අවම ගාස්තුවක් ද අය කෙරේ.

රසායනාගාර පරීක්ෂණ වාර්තාවන් ලබාගැනීම සඳහා මැණික් ගල් අපනයනය කිරීම

ජාත්‍යන්තර රසායනාගාර පරික්ෂණ වාර්තා ලබාගැනීම සඳහා කරනු ලබන මැණික් සහ ස්වර්ණාභරණ අපනයනයන් සඳහා පූර්ව ලිඛිත ඉල්ලීමක් අපනයනකරු විසින් සිදුකළ යුතු ය.
ජාත්‍යන්තර රසායනාගාර පරික්ෂණ වාර්තා ලබාගැනීම සඳහා කරනු ලබන මැණික් සහ ස්වර්ණාභරණ අපනයනයන් සඳහා අපනයන ඉන්වොයිසිය සකස් කිරීමේ දී රසායනාගාර පරික්ෂණ වාර්තා ලබා ගැනීමට අපේක්ෂා කරන රසායනාගාරයට පමණක් යොමු කළ යුතුය. අදාල රසායනාගාරය ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති එකක් විය යුතුය.
රසායනාගාර පරික්ෂණ වාර්තා ලබා ගැනීමට අපේක්ෂා කරන රසායනාගාරයේ සම්පූර්ණ නම සහ ලිපිනය දැක්වෙන ගුවන් මාර්ග බිල්පතක් ඉදිරිපත් කළ යුතු ය.
ජාත්‍යන්තර රසායනාගාර පරීක්ෂණ වාර්තා ලබාගැනීම සඳහා අපනයනය කරනු සෑම මැණික් ගලක් සඳහාම රු.1000/- (දහසක්) පරිපාලන ගාස්තුවක් ලෙස අය කෙරේ.
ජාත්‍යන්තර රසායනාගාර පරීක්ෂණ වාර්තා ලබාගැනීම සඳහා අපනයනය කරනු ලබන මැණික් සඳහා ලබා දී ඇති කාලසීමාව අපනයනය කළ දින සිට උපරිම වශයෙන් දින 180කි.
අපනයනය කළ දින සිට දින 180ක් තුළ අපනයනය කරන ලද මැණීක් තොගය රසායනාගාර පරීක්ෂණ වාර්තාවල මුල් පිටපතක් සහ ජායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
එම රසායනාගාරය අපනයනකරු ලෙසත් තොගකරු ආනයන කරු ලෙසත් දැක්වෙන මුල් අභ්‍යන්තර ගුවන් මාර්ග බිල්පත ඉදිරිපත් කළ යුතු ය.
රසායනාගාර පරික්ෂණ වාර්තා ලබාගැනීම සඳහා අපනයනය කරන ලද මැණික්, දින 180 ක කාලසීමාව තුළ නැවත නොපැමිණියහොත් හෝ අධිකාරියේ මැණික් තක්සේරු නිලධාරියා ආපසු පැමිණි මැණික් පිළිබඳ භෞතිකව පරික්ෂා කිරීමේ දී සැහීමකට පත්නොවන්නේ නම , අපනයනකරු විසින් සම්පූර්ණ තොගයේ වටිනාකම මත ( F.O.B අගයෙන්) 1% ක අතිරේඛ ගාස්තුවක් අයකරනු ලැබේ.

ATA Carnet යනු කුමක්ද?

ATA stands for Admission – Temporaries – Admission.
ATA Carnet යනු ATA සම්මුතියේ සඳහන් භාණ්ඩ ඵලදායී ලෙස අපනයනය කිරීමට සහ තීරුබදු රහිතව ආනයනය කිරීමට හැකි වන පරිදි සකසන ලද ඒකාකාරී ජාත්‍යන්තර රේගු ලේඛනයක් වේ.
කෙසේ වෙතත්, අපනයනකරුට විකිණීමක් සිදු වුවහොත්, එම භාණ්ඩ විකිණීම සඳහා අදාළ ආනයන බදු අදාළ රට තුළ සිදු කරනු ලැබුවහොත් එය විකිණීම තහනම් නොවේ.
ATA Carnet වෙතින් ප්‍රතිලාභ ලැබිය හැකි පාර්ශවයන් ? Carnet භාවිතා කරන්නා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වූ පුද්ගලයෙකු හෝ සමාගමක් විය හැක.

සංචාරක ව්යාපාර / විකුණුම් විධායක.
කාර්මික ශිල්පීන්
චිත්‍රපට කාර්ය මණ්ඩලය, ශල්‍ය වෛද්‍යවරුන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, කලාකරුවන්, ඉංජිනේරුවන්, අධ්‍යාපනඥයින්, විනෝදාස්වාද කරන්නන් වැනි සාධාරණ ප්‍රදර්ශකයින් සහ වෘත්තීය පුද්ගලයින් සහ කණ්ඩායම්. වෙනත් ඕනෑම පුද්ගලයෙකුට Carnet භාවිතා කිරීමට අවශ්‍ය නම්, ඔහු/ඇය Carnet දරන්නාගෙන් ලිපියක් ඔහු/ඇය වෙනුවෙන් රැගෙන ආ යුතුය.

ATA Carnet පද්ධතිය යටතේ සුදුසුකම් ලබන භාණ්ඩ

1 සාම්පල සඳහා . තාවකාලික වටිනාකම්
2. වෘත්තීය උපකරණ අපනයනය
3. භාණ්ඩ, ප්‍රදර්ශන හෝ වෙළඳ ප්‍රදර්ශන සදහා ඉදිරිපත් කිරීම.
Issuing Authority In Sri Lanka, International Chamber of Commerce Sri Lanka (ICC Sri Lanka)
(ICC Sri Lanka)
අංක 141/7, වොක්ෂෝල් වීදිය,
තැ.කා.සි. පෙට්ටිය – 1733 කොළඹ – 02.
Tele – 2307 841

Email – iccsl@slt.lk / iccserve@sltnet.lk Fax – 2307 841
Website – www.iccsl.lk