මුල් පිටුව ප්‍රමිති සහතික මුද්‍රා (Hallmark) තැබූ රන් ආභරණ පාරිභෝගික ඔබ සහ ස්වර්ණාභරණ කර්මාන්තය ආරක්‍ෂා කරයි.
මුල් පිටුව ප්‍රමිති සහතික මුද්‍රා (Hallmark) තැබූ රන් ආභරණ පාරිභෝගික ඔබ සහ ස්වර්ණාභරණ කර්මාන්තය ආරක්‍ෂා කරයි.

ප්‍රමිති සහතික මුද්‍රා (Hallmark) තැබූ රන් ආභරණ පාරිභෝගික ඔබ සහ ස්වර්ණාභරණ කර්මාන්තය ආරක්‍ෂා කරයි.

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් මෙන්ම පාරිභෝගික ආරක්ෂාව පිළිබඳවද විශාල වගකීමක් පැවරී ඇති ජාතික මැණික් ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් මහේෂ් ගම්මම්පිල මහතා සමඟ සිදු කළ සාකච්ඡාවක් පහතින් දිගහැරේ.

 

ඔබ මිලදීගන්නා රන් ආභරණ නියම රත්තරන් ප්‍රමිතියෙන් යුක්තද?

ප්‍රමිතියෙන් යුතු රන් ආභරණ අධිකාරිය මගින් ප්‍රමිති සහතික මුද්‍රා තැබු Hallmark ආභරණ පමණක් වන බවට පාරිභෝගිකයින් දැනුවත් විය යුතුය.

ජාතික මැණික් සහ ස්වරණාභරණ අධිකාරීය පිහිටුවන්නේ කුමන අරමුණක් ඇතිවද?

1971 අංක 13 දරන රාජ්‍ය මැණික් සංස්ථා පනත ඉවත් කරලා ඊට ස්වර්ණාභරණ ක්‍ෂෙත්‍රයත් ඇතුළු කිරීමෙන් 1993 අංක 50 දරන පනතෙන් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය සඳහා බලය පවරා තිබෙනවා. මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සේවාවත් ලෙස මැණික් පතල් කැණිම සඳහා බලපත්‍ර ලබා දිම ඔප දමන ලද මැණික් අපනයනය කිරීම සඳහා අවශ්‍ය සේවා පහසුකම් ලබා දීම, මැණික්වල වටිනාකම තක්සේරු කිරීම, මැණික් ඔපදමන අය සහ තාප පිරියම් කරන අය සඳහා බලපත්‍ර ලබා දීම, මැණික් වෙළඳාම සඳහා බලපත්‍ර ලබා දීම, ස්වර්ණාභරණ නිපැයුමිකරුවන් සඳහා සහතික ලබා දීම, ස්වර්ණාභරණ වෙළෙඳාමි සිදු කිරීමට අවශ්‍ය ලියාපදිංචි කටයුතු කිරිම, ස්වර්ණාභරණ ප්‍රමිතිකරණය, නියාමනය, ස්වර්ණාභරණ සහ මැණික් අපනයන සේවා සැපයීම සහ ලංකාවේ මේ ක්‍ෂෙත්‍රය හා සම්බන්ධිත පිරිස විදේශ රටවල ප්‍රදර්ශන සම්මන්ත්‍රණ සඳහා යොමු කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම වැනි භාරධුර කටයුතු රාශියක් හඳුන්වා දෙන්නට පුළුවන්.

අපේ අධිකාරිය සතු තවත් කාර්යයන් ලෙස මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම යන ක්‍ෂෙත්‍රයන් නියාමනය කිරීමේ කාර්යයනුත් පැවරි තිබෙනවා.

ස්වර්ණාභරණ සඳහා පවතින ප්‍රමිතිකරණයන් පිළිබඳ ජනතාව දැනුවත් කළොත්…

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය යටතේ පවතින වටිනා ලෝහ විශ්ලේෂණය කිරිමේ කාර්යාංශය ස්වර්ණාභරණ නිපදවන ලෝහවල පැවතිය යුතු සම්මත ප්‍රමිතීන් පිළිබඳ 2006 මාර්තු 17 වන දින අංක 1436/21 දරන අති විශේෂ ගැසටි නිවේදනය ඔස්සේ ප්‍රසිද්ධ කර තිඛෙනවා. ඊට අමතරව ස්වර්ණාභරණ නිපැයුමිකරුවන් සඳහාම විශේෂ වු අනන්‍යතා සළකුණ (Sponsor’s Mark) සිය නිපැයුම් ස්වර්ණාභරණවල සටහන් විය යුතු බවත් මේ ගැසට් පත්‍රයේ සඳහන්ව තිබෙනවා.

නමුත් මේ පිළිබඳව දැනුවත් පිරිස ඉතා අඩුයි. දැනට ලංකාවේ ස්වර්ණාභරණ අලෙවි සැල් 2500ක් පමණ මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ ලියාපදිංචිය ලබා ගෙන තියෙනවා. නමුත් නීත්‍යනුකූල ලෙස ස්වර්ණාභරණ අලෙවි කිරීම සඳහා තම Sponsors Mark ලකුණ ලියාපදිංචි කර ඇත්තේ 10 කටත් වඩා අඩු සංඛ්‍යාවක් පමණයි.

ස්වර්ණාභරණ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා වටිනා ලෝහ වර්ගවල ප්‍රමිතිය පිළිබඳව පාත්‍යන්තරව පිළිගන්නා සමිමුතියක් පවතිනවා. (Hallmarking convention) රත්තරන් සමිබන්ධ ප්‍රමිතිය පිළිබඳව කතා කරනවා නම් කැරට් 24 රත්රත්වල ලෝහ කොටස් 1000 ක් පවතිනවා නම් ඉන් ලෝහ කොටස් 999.9 ක් රත්තරන් විය යුතුයි. ඒ අනුව කැරට් 22 රත්තරන්වල ලෝහ කොටස් 1000ක් අතරින් 916.6 ක් බර අනුව රත්තරන් අඩංගු විය යුතුයි. කැරටි 21 රත්තරන්වල ලෝහ කොටස් 1000න් රත්තරන් 875ක් විය යුතුයි. කැරට් 18 රත්තරන්වල ලෝහකොටස් 1000න් 750ක් රත්තරන් විය යුතුයි. මේ සම්මතයත් හරි ආකාරව පවතිනවාද යන්න පිළිබඳව ශ්‍රී ලංකාවේදී නිර්ණය කිරීමට පුළුවන් එකම බලධාරියා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ පවතින වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශය පමණයි. ඊට අවශ්‍ය කරන උපකරණ සහ දැනුම පවතින්නේ මේ කාර්යාංශය සතුව පමණයි. රත්රන්වල ප්‍රමිතිය නිර්ණය කරන වෙනත් උපකරණ පවතින බවටත් අපට තොරතුරු ලැබී තියෙනවා. EDXRF නමි රත්තරන් ප්‍රමිතිය නිර්ණය කරන උපකරණයක් පවතිනවා. එයින් මයික්‍රෝන 4 ක පමණ ගැඹුරට පමණ මතුපිට විශ්ලේෂණය සිදු කරන්නේ. එබැවින් ව්‍යාප රත් ආභරණයක් හඳුනා ගැනීමට නොහැකි බැටින් පාරිභෝගිකයන් රවටන වන රත්තරන් විශ්ලේෂණය කිරීමේ ක්‍රමයක් ලෙස භාවිතා විය හැකියි.

Hallmarked රන් ආභරණ හඳුනා ගන්නේ කෙසේද?

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ පවතින වටිනා ලෝහ විශ්ලේෂණය කිරිමේ කාර්යාංශය නියමිත ආකාරයට රත්තරන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව Hallmarked මුද්‍රාව සටහන් කරනවා. Hallmark මුද්‍රාව සලකුණු කිහිපයකින් සමන්විතයි. මෙහි අඩංගු විය යුත්තේ

• කැරට් 22 රන් ආභරණයක් නම් පුන්කලස සහ 916 ද ලෙස ප්‍රමිති මුද්‍රා තැබිය යුතුය. . පහත සලකුණ

• කැරට් 21 රත්තරන් ආභරණවල පුන්කලස ප්‍රමිතිය 75 ලෙස මුද්‍රා තබා තිබිය යුතුය. එහිත සහ රත්

• කැරට් 18 රත්තරන්වල පුන්කලස 750 ලෙස මුද්‍රා තබා තිබිය යුතුය. පහන සහ රත් ප්‍රමිතිය

750 ලෙස තබා තිබිය යුතුය.

පුන්කලස ලකුණ සහ පහත ලකුණේ සටහනක් යොදනවා. මේ සලකුණ සාමාන්‍ය නිරීක්ෂණ මට්ටමට හසුවන තත්ත්වයකයි පවතින්නේ.

රන් භාණ්ඩ උකසට ලබා ගන්නා ආයතන සහ බැංකූ ඊට නියමිත ප්‍රමිතිය සහතික කරනවාද?

ඒ සමිබන්ධයෙන් රන් ප්‍රමිතිය පරික්ෂා කිරිමේ ක්‍රම පිළිබඳ අපට පැමිණිලි ලැබී තියෙනවා. උකස් ආයතන සහ බැංකුවලින් අපි ඉල්ලා සිටින්නේ Hallmarked (ප්‍රමිති සහතික මුද්‍රා සලකුණ) ලකුණ සහිත ස්වර්ණාභරණ පමණක් උකස් කිරිම් සඳහා උනන්දු කරන ලෙසයි. ඔවුන් භාවිතා කරන ඝණත්ව මාන (Density Meters) උපකරණවල රත්රන්වල ප්‍රමිතිය නිරීක්ෂණය කිරීම සඳහා පිළිගත් ක්‍රමයක් සහ උපකරණයක් නොවේ. මෙය මගින් ව්‍යාජ ආභරණ රන් ආභරණ ලෙස උකස් ගත් අවස්ථා තිබේ. එබැවින් මෙම ක්‍රමය නීත්‍යානුකූලව රන් ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමේ ක්‍රමයක් නොවන බවට සියල්ලන් දැනුවත් විය යුතුයි.

එබැවින් සියළුම ශ්‍රී ලාංකිකයින් දැනුවත් විය යුතු කරුණ වන්නේ රන් ආභරණයක නියම ප්‍රමිතිය සහතික කළ හැකි එකම ආයතනය ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය බවත් ඒ සඳහා භාවිතා වෙන ප්‍රමිති සහතික මුද්‍රා තැබීමේ (Hallmark) ක්‍රම වේදයන් ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයන් බවත් ය.

ස්වර්ණාභරණ සහ මැණික් මිලදී ගැනීමට යොමු වන පාරිභෝගිකයන්ට ඔබතුමා ලබා දෙන පණිවුඩය කූමක්ද?

නිවසට එදිනෙදා අවශ්‍ය කරන භාණ්ඩ මිලදි ගැනීමේදී පාරිභෝගිකයන් වශයෙන් අපි කවුරුත් නිෂ්පාදනය පිළිබඳ යමිකිසි සොයා බැලීමක් සිදු කරනවා. නමුත් වැඩි මිලක් ගෙවා මිලදි ගන්නා ස්වර්ණාභරණ පිළිබඳව කිසිදු ආකාරයකින් සොයා බැලීමක් කරන්නේ නෑ. අතිතයේ පටන් ස්වර්ණාභරණ මිලදී ගැනීමේදී ආයතනයේ නම හෝ නිෂ්පාදකයා පිළිබඳ විශ්වාසය මත පමණයි ගනුදෙනුව සිදු කරන්නේ. ප්‍රමිතියෙන් යුතු ස්වර්ණාභරණ මිලදි ගැනීමට එය කිසිසේත්ම සාධාරණ හේතුවක් නොවේ. ඒ මන්ද යත් අතීතයේ ස්වර්ණාභරණ පරික්‍ෂා කිරීමේ සහ ප්‍රමිති මුද්‍රා තැබීමේ ක්‍රමවේදයක් සහ ඒ පිළිබඳව නීති නොතිබුණු බැවිනි.

දේශිය සහ විදේශිය පාරිභෝගිකයන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටින්නේ මැණික් හා ස්වර්ණාභරණ සම්බන්ධ සෑම ගනුදෙනුවක් සඳහාම නිවැරදි නෛතික ලේඛන භාවිත කරන්නට කියායි. පාරිභෝගිකයන් ලෙස ඔබ ස්වර්ණාභරණ හෝ මැණික් මිලදී ගැනීමට පෙර ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ වෙබ් අඩවිය වන_www.ngja.gov.lk වෙත ප්‍රවේශ වී දැනුවත් වන්න. අපගේ Facebook පිටුව ඔස්සේත් මෙි සමිබන්ධ සියලුම තොරතුරු ලබා ගන්නට පුළුවන්. ස්වර්ණාභරණ මිලදි ගන්නා පුද්ගලයන් සහ ආයතන, ස්වර්ණාභරණ අලෙවි කිරිම සඳහා Sponsor s Mark සලකුණ අධිකාරියේ ලියාපදිංචි කළ අලෙවිකරුවන්, Hallmark සලකුණ සහිත ස්වර්ණාභරණ අලෙවි කරන ආයතන සහ ඔවුන්ගේ දුරකතන අංක පිළිබඳව අප වෙබ් අඩවිය නිරතුරුව යාවත්කාලීන කරනවා.

අපගේ www.ngja.gov.lk වෙබ් අඩවියේ සඳහන් දුරකථන අංක අමතා හෝ අප අධිකාරියට පැමිණ හෝ ලිඛිතව ස්වර්ණාභරණ සහ මැණික් සමිබන්ධ පැමිණිලි කිරීමේ හැකියාව පවතිනවා. බහුල වශයෙන් අප ආයතනයට යොමුවන්නේ මැණික් වෙළඳාම හා සම්බන්ධිත පැමිණිලියි. එලෙස ඉදිරිපත් වන පැමිණිලි සඳහා අප ආයතනය ක්ෂණික පියවර අනුගමනය කරනවා.

මැණික් හා ස්වර්ණාභරණ ක්‍ෂෙත්‍රයේ ප්‍රගමණය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි බලාපොරොත්තු මොනවාද?

ලංකාවේ නිෂ්පාදනය කරන ස්වර්ණාභරණ සඳහා Hallmark (ප්‍රමිති සහතික මුද්‍රා සලකුණ) යෙදිම තවමත් අනිවාර්ය කිරීමක් කර නොමැත. නමුත් නුදුරු අනාගතයේ දී අපි ඒ සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්නවා. වර්තමානයේ ජාත්‍යන්තර ස්වර්ණාභරණ ප්‍රමිති සමිමුතියේ Hallmarking Convention අපි නිරීක්ෂණ සහභාගිත්වය පමණක් මේ වන විට ලබා ගෙන තියෙනවා. ලබන වසර වනවිට අපි බලාපොරොත්තු වෙනවා එහි සම්පුර්ණ සාමාජිකත්වය ලබා ගන්නටත්, එම සාමාජිකත්වය ලබා ගත්තායින් පසුව අපගේ වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශය විශ්ලේෂණය කර මුද්‍රා තැබු ස්වර්ණාභරණ ලොව ඕනෑම රටක නැවත පරික්‍ෂාවකින් තොරව පිළිගැනීමට පාත්‍ර වෙනවා. එමගින් වටිනා ලෝහ ආභරණ අපනයන ක්‍ෂෙත්‍රයේ විශාල උන්නතියක් සිදු කිරීමට අපට හැකි වෙිටි.

අඩු කැරටි ප්‍රමිතියෙන් යුත් රත්තරන්වලට පවතින ඉල්ලූම තව තවත් වැඩි කිරිමේ අරමුණින් කැරට් 18ට අඩු රත්තරන් සඳහාත් උකස් අවස්ථා පිරිනමන ලෙස අපි යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ලියාපදිංචිය ලබා ඇති ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නිපැවුමිකරුවන්ගේ සමිති සමාගමිවල සාමාජිකයින් සඳහා බලපත්‍ර ලබා දීමට ඉදිරියේදි කටයුතු කරනවා. ඒ අය සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දීමටත් යන්ත්‍ර සූත්‍ර ලබා දීමටත් ඉදිරියේදි පියවර ගන්නවා. ඉදින් අප හා එක්ව සිටින ඔබටත් , ලංකාවාසි ඔබ සැමටත් සුබම සුබ නව වසරකට ආසිරි වෙිවා!

හෂිනි ඉරේෂා ගුණවර්ධන