මුල් පිටුව මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යවසායකයන් සඳහා කරනු ලබන ආරාධනයයි
මුල් පිටුව මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යවසායකයන් සඳහා කරනු ලබන ආරාධනයයි

මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යවසායකයන් සඳහා කරනු ලබන ආරාධනයයි

SINGAPORE INTERNATIONAL JEWELRY EXPO (SIJE) 2024  සහ “THE GEMWORLD MUNICH SHOW 2024” යන ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනයන්හි ශ්‍රී ලංකා මණ්ඩපය 2024 වර්ෂයේදී සංවිධානය කිරීමට ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය අපේක්ෂා කෙරේ. මෙමගින් “ශ්‍රී ලංකාව මැණික් අගනුවර” යන සන්නාමය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම අපගේ අපේක්ෂාවයි. SINGAPORE INTERNATIONAL JEWELRY EXPO (SIJE) 2024ප්‍රදර්ශනය  2024  ජුලි  මස 11 වන දින සිට  ජුලි  මස 14 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර “THE GEMWORLD MUNICH SHOW 2024 ප්‍රදර්ශනය  2024 ඔක්තෝබර් 24 සිට 27 දක්වා  පැවැත්වීමට නියමිත බව   මැණික් සහ ස්වර්ණාභරණ  කර්මාන්තයේ නියැලෙන ඔබ සැමට දැනුම් දීමට කැමැත්තෙමු.

 

ඉහත ප්‍රදර්ශණයේ අධිකාරී මණ්ඩපය තුළ මැණික් සහ ස්වර්ණාභරණ අයිතම ප්‍රදර්ශණය කිරීමට හා ව්‍යාපාරික අවස්ථා පුළුල් කර ගැනිමට කැමැත්තක් දක්වන  මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් සහ සුළු හා මධ්‍ය පරිමාණ  මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයින්ගෙන් අයඳුම්පත් කැඳවනු ලැබේ.

 

ප්‍රදර්ශණ අවස්ථා සීමිත සංඛ්‍යාවක් පවතින හෙයින් අයඳුම්කරුවන් තෝරා ගැනිම, විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මඟින් සිදු කරනු ලබන අතර මේ සඳහා උනන්දුවක් දක්වන ව්‍යවසායකයින් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිල වෙබ් අඩවිය (www.ngja.gov.lk) වෙත පිවිස නියමිත අයදුම්පතේ ආකෘති පත්‍රය අනුව සකස් කළ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේ.

 

SINGAPORE INTERNATIONAL JEWELRY EXPO (SIJE) 2024” සහ “THE GEMWORLD MUNICH SHOW 2024” ලෙසින් කවරයේ වම් කෙලවර සඳහන් කරන ලද අයදුම්පත් 2024  මැයි මස 27 වන දිනට හො ඊට පෙර පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අපනයන ප්‍රවර්ධන අංශය වෙත ගෙනවිත් භාරදිය යුතුය.

 

වැඩි විස්තර සඳහා අපනයන ප්‍රවර්ධන අංශය අමතන්න.

සෘජු දුරකථන : 011-2390653

පොදු දුරකථන අංක : 011-2390645 – 8 (ඳිගුව 333 – 335)

 

APPLICATION SINGAPORE INTERNATIONAL JEWELRY EXPO (SIJE) 2024 11 – 14 JULY 2024

APPLICATION THE GEMWORLD MUNICH SHOW 2024 24 – 27 OCTOBER 2024

 

සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය

12,මැක්සන් ටවර්, ඇල්ෆ්‍රඩ් හවුස් උද්‍යානය,කොළඔ 03,

දුරකථන අංක: 0112390645/8  ‍ෆැක්ස්: 0112320758

විද්‍යුත් තැපෑල –  promotion@ngja.gov.lk / ngjaexportpromotion@gmail.com

 වෙබ් අඩවිය: www.ngja.gov.lk